රටේ වත්මන් අර්බුදයන් හේතුවෙන් රජයට එරෙහිව සාමකාමී විරෝධතාවල නිරත මහජනතාවට සහයෝගය පළ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියේ සාමාන්‍ය ජනතාවගේ සහ ආගමික නායකයින්ගේ ඉල්ලීමට අවනත වන ලෙසයි.
ජනතා ව්‍යාපාරයට සහය පළ කරමින් දීප ව්‍යාප්ත විරෝධතා දියත් කිරීමට එම සංගමයේ මහා කමිටුවේ අනුමැතිය හිමිව ඇති බව එම සංගමය වැඩිදුරටත් සඳහන් කරනවා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද කරුණු 08 කින් යුත් මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.

