32 C
Colombo
Friday, March 29, 2024

ඥානසාර හිමි කොහෙත්ම ගැලපෙන්නේ නෑ..! – ෆොන්සේකා

- Advertisement -

ගලබොඩ අත්තේ ඥානසාර හිමිගේ දර්ශනය යනු ජාතිවාදය බව හිටපු හමුදාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.

ඒ, ඊයේ (02) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

එක රටක් – එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකාය සඳහා ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් කිසිසේත්ම නොගැලපෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එම කාර්ය සාධක බලකායෙ අනිවාර්යයෙන්ම ද්‍රවිඩ නියෝජනයක් තිබිය යුතු බවත් ඔහු අවධාරණය කර සිටිනවා.

බෞද්ධ නියෝජනය වෙනුවෙන් නාමයෝජනා ලබාගත යුතුව තිබුනේ මහනායක හිමිවරුන් හරහා බවයි ඔහු පෙන්වා දෙන්නේ.

“මං අද දැක්කා පත්තරේ තියෙනවා ඥානසාර හාමුදුරුවෝ කියනවා මේ කාර්ය සාධක බලකාය හරහා එයාට අවස්ථාවක් ලැබුණාලු මේ රටේ තියෙන ජාතික ප්‍රශ්නය ගැන එයාගෙ තියෙන දර්ශනය ඉදිරියට ගෙනියන්න. අපි දන්න විදියට උන්වහන්සේට තිබුණ දර්ශනය – අපි සිවුරට ගරු කරනවා, නමුත් ඇත්ත කියන්න ඕනෙ – උන්වහන්සේට තිබුණ දර්ශනය ජාතිවාදය. මේ රටේ සිංහල – මුස්ලිම් ජනතාව අතර ඇතිවුණ නොයෙක් හිත් අමනාපකම් සැකසංකා ඒවාට වගකියන්න ඕනෙ පරිසරයක් උන්වහන්සේ ගොඩනැඟුවා යම්කිසි අවස්ථාවක. එතකොට ඒ දර්ශනය ගෙනියන්න බෑ මෙම කාර්ය සාධක බලකාය හරහා.

මේ කාර්ය සාධක බලකාය හරහා ජනාධිපති බලාපොරොත්තු වෙනවා නම් ඒ ඒ ජාතීන්ට අදාළ සම්ප්‍රදායික නීති එක තැනකට ගේන්න, ඒක එතුමාගේ බලාපොරොත්තුව වෙන්න පුළුවන්. නමුත් ඒකට තෝරාගත්ත චරිත හරිද කියන එක ගැන අපට ප්‍රශ්නයක් තිබෙනවා. එහෙම නම් ඒ කාර්ය සාධක බලකායෙ අනිවාර්යයෙන්ම ද්‍රවිඩ නියෝජනයක් තියෙන්න ඕනෙ. මැලේ, බර්ගර් වගේ නියෝජනයක් තියෙන්නත් තිබුණා. වැඩියෙන්ම ඉන්න ඕනෙ අනිවාර්යයෙන්ම සදාචාර සම්පන්න, හොඳ පසුබිමක් තියෙන, හොඳ අතීතයක් තියෙන කට්ටිය.

ඉතිං කණගාටුවෙන් වුණත් කියන්න ඕනෙ ඥානසාර හාමුදුරුවොන්ගෙ පසුබිම බැලුවාම – අපට අනිවාර්යයෙන්ම ඒවා අමතක කරන්න බෑ – ඒ පසුබිම අනුව මට මගේ හෘදසාක්ෂියට තේරෙන්නෑ උන්වහන්සෙ මේ වැඩේට ගැලපෙනවා කියලා. ඒක මට කණගාටුවෙන් වුණත් කියන්න සිද්ධ වෙනවා. සංඝයා වහන්සේ නමකට මේක බාරදෙනවා නම් – මේ රටේ බහුතර සහ ප්‍රබලම ජාතිය බෞද්ධ නිසා – එහෙම නම් නාමයෝජනාවක් ඉල්ලා ගන්න තිබුණා මහනායක හාමුදුරුවරුන්ගෙන්. ඒ හරහා ඔය නාමයෝජනාව ලබාගන්න තිබුණා. එහෙම වුණා නම් කවදාවත් ඔය වගේ චරිත ඉදිරියට නොඑන්න තිබුණා”

RECENT ARTICLES - SINHALA

Breaking: ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට

0
ජාතික හා ආගමික සංහිඳියාවට හානි සිදු වන ආකාරයෙන්, ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරුවී 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් ලැබූ ගලබොඩ අත්තේ...

ශ්‍රී පාද වන්දනාවේ ගිය විදේශිකයෙක් ප්‍රපාතයකට වැටිලා

රත්නපුර - ශ්‍රී පාද මාර්ගයේ ඇහැලකණුව ප්‍රදේශයේදී ආරක්ෂිත වැටෙන් මිටර් 100ක පමණ ප්‍රපාතයට විදෙස් ජාතිකයෙක් ඇද වැටී තිබෙනවා. ඉන්දීය ජාතිකයෙකු වූ අදාළ විදේශිකයා පසුව...

අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් දෙන්නෙක් පැනල ගිහින්

අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිරකඳවුරෙහි මහජනතාවට විවෘත කර ඇති ආපනශාලාවේ සේවය කළ සිරකරුවන් දෙදෙනෙකු අද (29) දහවල් එම ස්ථානයෙන් පළා ගොස් තිබෙනවා. බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...