26 C
Colombo
Friday, March 29, 2024

ගෝඨාභය තමන්ගෙ මිතුරාට වුනත් කඩුව උස්සයි – දෙවියන්ට පොඩි වැරදීමක් වුණා

- Advertisement -

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තමාගේ මිතුරාට එරෙහිව වුවත් කඩුව එසවීමට හැකියාවක් ඇති බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා.

ඒ, ඊයේ (06) දින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.

හදිසි නීතිය ක්‍රියාත්මක කරමින් කූඨ වෙළෙඳුන් සඟවා ඇති තොග සියල්ල ජනතාව වෙත සැපයීමට ජනාධිපතිවරයා සිය මිත්‍රත්වයන් බාධාවක් කර නොගන්නා බවයි අමාත්‍යවරයා පවසන්නේ.

එමෙන්ම, චීනයේ පවතින රාජ්‍ය මැදිහත්වීමේ ක්‍රමය එරට තුල සාර්ථක වී ඇති බැවින් මෙරටදීද එය ක්‍රියත්මක කළ හැකි බවත් ඔහු පෙන්වා දෙනවා.

එමෙන්ම, කූඨ වෙළෙඳුන්ට එරෙහිව නඩු මාර්ගයෙන් කටයුතු නොකොට ඔවුන්ට එරෙහිව හමුදා බලය ක්‍රියාත්මක කොට අදාල තොග සොයා ගැනීම වැදගත් බවයි අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පෙන්වා දෙන්නේ.


RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...