වෙළඳපොළේ රන් අවුන්සයක මිල අද(11) දිනයේදී රුපියල් 759,183ක් ලෙස සටහන් වෙනවා.
එය ඊයේ(10) දිනයට සාපේක්ෂව රුපියල් 6,610 ක වැඩිවීමක්.
ඒ අනුව කැරට් 24 ග්රෑම් 1ක මිල රුපියල් 26,780 ක් ලෙස සඳහන් වන අතර කැරට් 22 සහ 21 ග්රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 24,550 ක් සහ රුපියල් 23,440 ක් ලෙස සඳහන් වනවා.
එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල රුපියල් 214,250 ක් ලෙස සටහන් වන අතර කැරට් 22 පවුමක් රුපියල් 196,400 ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 187,500ක් ලෙස සඳහන්.