26.7 C
Colombo
Monday, June 16, 2025

BTS රසිකයන්ට සුබ ආරංචියක්

- Advertisement -

ලොව සුප්‍රකට K-pop “BTS” සංගීත කණ්ඩායමේ සාමාජිකයින් වන RM සහ V යනුවෙන් හඳුන්වන සාමාජිකයින් දෙදෙනාව දකුණු කොරියාවේ අනිවාර්ය හමුදා සේවය වන ජාතික රාජකාරියෙන් පසුව අද (10) දකුණු කොරියානු හමුදාව විසින් නිදහස් කර තිබෙනවා.

BTS රසිකයන් සංගීත කණ්ඩායම නැවත් ඔවුන් අතරට එන්නනේ කාවදා ද යන්න සම්බන්ධව දින ගණන් කරමින් සිටි අතර  RM සහ V පිළිගැනීමට හමුදා කඳවුර අසල රසිකයන් විශාල පිරිසක් රැස්ව සිටි අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රසිකයන් ඉදිරියට පැමිණි  RM සහ V පවසා ඇත්තේ, ඔවුන් එනතුරු බලාසිට සියලුමදෙනාට කෘතඥ වන බවත් BTS කණ්ඩාය ඉතාමත් ඉක්මනින් සංගීත කටයුතු ආරම්භ කරන බවත්ය.

සාමාජිකයින් 7 දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායමේ ජින් පසුගිය වසරේ ජුනි මාසයේ හමුදා සේවය අවසන් කළ අතර, ජේ-හෝප් ඔක්තෝබර් මාසයේ සිය හමුදා සේවය අවසන් කර තිබුණා.

එමෙන්ම හෙට (11) දිනයේ ජිමින් සහ ජුන්ග් කුක් ඔවුන්ගේ ජාතික රාජකාරිය අවසන් කිරීමට නියමිත බව සඳහන් වනවා.

සුගා මෙම මස 21 වනදා සිය ජාතික රාජකාරිය අවසන් කිරීමට නියමිත බව වාර්තා වනවා.

BTS සංගීත කණ්ඩායමේ සාමාජිකයින් දකුණු කොරියාවේ අනිවාර්ය හමුදා සේවයට එක්වූයේ පසුගිය 2022 වසරේදීය.

එම කණ්ඩායමේ සිටින වයසින් වැඩිම සාමාජිකයා වන 29 හැවිරිදි “ජින්” ඒ අනුව පළමුවෙන් හමුදා සේවයට එක්වුණා.

2013 වසරේදී පළමුවරට සිය නිර්මාණ ඉදිරිපත්කළ BTS සංගීත කණ්ඩායම ලොව පුරා තරුණ පරපුර අතර අතීශය ජනප්‍රිය සංගීත කණ්ඩායමක්. 

RECENT ARTICLES - SINHALA

රටේ නිල සංචිත ගැන මහ බැංකුව කියන්නේ බොරු – වෙරිටේ රිසර්ච්

ශ්‍රී ලංකා මහ බැංකුව නිල වශයෙන් වාර්තා කර ඇති නිල විදේශ සංචිතවල ප්‍රමාණය තිබෙන ප්‍රමාණයට වඩා ඩොලර් බිලියන 1.4කට වැඩි අගයක් බව වෙරිටේ රිසර්ච්...

කොළඹ මහ නගර සහාව උණුසුම්

කොළඹ මහ නගර සභාවේ පළමු සභා වාරය මීට සුළු මොහොතකට පෙර ආරම්භ වුණා.  එහි දී නගරාධිපතිවරයා සඳහා වන ජාතික ජන බලවේගය නියෝජනය කරමින්, ව්‍රායි කැලී...

දේශබන්දු දිගටම කමිටුවට

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයේ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ කමිටුව අද (16) සිට දිනපතා රැස්විමට නියමිතයි. විමර්ශන අවසන්වන තුරු පරීක්ෂණ...

POPULAR ARTICLES

රටේ නිල සංචිත ගැන මහ බැංකුව කියන්නේ බොරු – වෙරිටේ රිසර්ච්

ශ්‍රී ලංකා මහ බැංකුව නිල වශයෙන් වාර්තා කර ඇති නිල විදේශ සංචිතවල ප්‍රමාණය තිබෙන ප්‍රමාණයට වඩා ඩොලර් බිලියන 1.4කට වැඩි අගයක් බව වෙරිටේ රිසර්ච්...

කොළඹ මහ නගර සහාව උණුසුම්

කොළඹ මහ නගර සභාවේ පළමු සභා වාරය මීට සුළු මොහොතකට පෙර ආරම්භ වුණා.  එහි දී නගරාධිපතිවරයා සඳහා වන ජාතික ජන බලවේගය නියෝජනය කරමින්, ව්‍රායි කැලී...

ඉරාන නායකයා ඝාතනය කරන ඊශ්‍රායල සැලැස්මක් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරලා – විදෙස් මාධ්‍ය

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීමේ ඊශ්‍රායල සැලැස්මක් ජනාධිපති ට්‍රම්ප් ප්‍රතික්ෂේප කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉරාන නායකයා ඝාතනය කිරීමට තමන්ට...