ශ්‍රී ලංකාවේ 73 වන නිදහස් දිනයට සමගාමීව Google සමාගම සිය Google සෙවුම් යන්ත්‍රයේ ප්‍රධාන පිටුව (Google Home Page) සිංහ ධජය ලෙලදෙන ආකාරයෙන් සකසා තිබෙනවා.
මීට පෙර වසරවලදීද මෙරට නිදහස් දිනය වෙනුවෙන් Google සමාගම සිය ප්‍රධාන පිටුව සිංහ ධජයෙන් සකසනු ලැබූවා.
2013 වසරේදී ඇමරිකාවට විරෝධය පලකරමින් විමල් වීරවංශ මහතා Google ඇතුළු ඇමරිකානු නිෂ්පාදන වර්ජනය කරන්නැයි විරෝධතාවය පලකර ඇති අවස්ථාවේදීද Google සමාගම මෙරට නිදහස් දිනය වෙනුවෙන් සිංහ ධජයෙන් සිය ප්‍රධාන පිටුව සරසනු ලැබීමද විශේෂත්වයක්.
