27 C
Colombo
Saturday, October 12, 2024

රනිල්ට උදව් කරන්න කියලා ගෝඨා මට කෝල් දෙනවා

- Advertisement -

රනිල් වික්‍රමසිංහට සහය ලබාදෙන්නැයි තමන්ට පුද්ගලිකවම කතාකොට සඳහන් කරන ලද්දේ ගෝඨාභය රාජපක්ෂ විසින් බව හිටපු මහවැලි සහ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.

තමන් ක්‍රිකට් ආයතනයේ දුෂණවලට එරෙහිව සටන් වදින අවස්ථාවේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජනාධිපති උපදේශක සාගල රත්නායක විසින් දුෂිතයින් ආරක්ෂා කරමින් ඔවුන් සමඟ එක්ව තමන්ට එරෙහිව කටයුතු කල බව Mee Massoo Tv යූ ටියුබ් නාලිකාව සමඟ සංවාදයකට එක්වෙමින් ඔහු සදහන් කරනවා.

රනිල් වික්‍රමසිංහ මහතා එක් අවස්ථාවක මහනුවර ප්‍රදේශයේ මහවැලි ගඟ මධ්‍යයේ ඇති දුපතක් ඔහුගේ හිතවතෙකුට ලබාදෙන ලෙස තමන්ට බලපෑමක් සිදුකල බවද ඔහු මෙහිදී සදහන් කර තිබෙනවා.

රාජපක්ෂ කඳවුර තමන්ට බිය වී කටයුතු කළ බවත් පවුල් දේශපාලනය තුළ ඔවුන් ඉතා අශෝභන ලෙස කටයුතු කල බවත් පාර්ලිමේන්තුවේ සිටින බහුතරයක් වූ දුෂිතයින් සමඟ දේශපාලනය කිරීමට තමන් සූදානම් නොමැති බැවින් තමන් මෙවර ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ක්‍රිකට් පිත්ත ලකුණින් ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ බවත් රොෂාන් රණසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.

අදාළ සාකච්ඡාව පහතින්,

RECENT ARTICLES - SINHALA

Breaking: CID ලොක්කෙක්ට හදිසියේ ස්ථාන මාරුවක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දුක සිල්වා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මූලස්ථානයට ස්ථාන මාරු කර තිබෙනවා. මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන ඇතුළු...

Breaking: අපරාධ සිදුවීම් රැසක් ගැන පොලිස් විමර්ශන කඩිනම් කිරීමට උපදෙස්

අපරාධ සිදුවීම් රැසක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන කඩිනම් කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය විශේෂ නියෝගයක් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පවසනවා. මහ...

එළවළු සහ මාළු මිල ගණන් පහළට

0
මේ දිනවල සියලු ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිලෙහි මෙන්ම මත්ස්‍ය මිල ගණන් ද සීඝ්‍රයෙන් පහත බැස ඇති බවයි වෙළෙදුන් පවසනවා. වැඩි එළවළු අස්වැන්නක් ලැබීම හේතුවෙන් වෙළඳපොල...

POPULAR ARTICLES

ජොන්ස්ටන්ගේ BMW සෙල්ලම ගැන තවත් තොරතුරු එළියට

ලියාපදිංචි නොකළ BMW කාර් රථයක් භාවිතා කළ බවට සිදු කරන විමර්ශනකට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදේශ ගමන් තහනමක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්...

අනුර අතඇරලා ගිය කමල්

ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා මෙවර මහමැතිවරණයට දෙවන පරපුර පක්ෂය යටතේ තරග කිරීමට නියමිතයි. දෙවන පරපුර පක්ෂය අද (09) තලවතුගොඩ ප්‍රදේශයේ සංවිධානය කර තිබූ...

ගම්පහ ප්‍රදේශ කිහිපයක ගංවතුර අවදානමක්

අත්තනගලු ඔය ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට පසුගිය පැය කිහිපය තුළ සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් යොමුකරමින් දන්වා සිටිනවා. එම නිවේදනය අනුව අත්තනගලු...