26.1 C
Colombo
Wednesday, October 4, 2023

අන්තර්වාර පාලනයකට ගෝඨාභය එකඟයි – අස්ගිරි පාර්ශවය

- Advertisement -

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ත්‍රෛනිකායික මහ නා හිමිවරුන් වෙත ලිපියක් යොමුකරමින් ලිඛිතව සිය ප්‍රතිචාරය දැනුම් දී ඇති බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් සඳහන් කර සිටිනවා.

අන්තර්වාර පාලනයක් ඇති කිරීම සඳහා ජනාධිපතිවරයාගේ කැමැත්ත එහිදී පළ කර තිබූ බවයි උන්වහන්සේ පවසන්නේ.

එමෙන්ම මේ වන විට රටේ පවතින අර්බුදකාරී වාතාවරණය නැති කොට මහජනතාවගේ සුභසිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ඉක්මන් පියවර ගන්නා බවට ද ජනාධිපතිවරයා සිය ලිපියෙන් දැනුම් දී ඇති බවයි උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

“ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් පසුගිය අවස්ථා කිහිපයක දී ම ගරු ජනාධිපතිතුමා ඇතුළු රජයට ලිඛිතව දැනුම් දුන්නා. අනුශාසනා කළා වර්තමානයේ රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වයන්ට විසඳුම් වශයෙන් කළ යුතු ක්‍රියාදාමයන් පිළිබඳව. ඒ අනුව ඒ පිළිබඳව අවධානය යොමුකළ ගරු ජනාධිපතිතුමා අතිගරු මහානායක මාහිමිපාණන්වහන්සේ ට ලිඛිතව දැනුම් දී තිබෙනවා එතුමාගේ ප්‍රතිචාරය. ඒ අනුව මහනායක මාහිමිපාණන් වහන්සේලා දැනුම්දුන් ආකාරයට ඒ ආර්ථික ප්‍රශ්න, රටේ අර්බුදකාරී තත්ත්වයන් නැති කරලා, මහජනතාවගේ සුබ සාධනය සිද්ධ කිරීමට උත්සුක වෙන බව සඳහන් කරනවා.

විශේෂයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග කරන සාකච්ඡා පිළිබඳවත් සඳහන් කරනවා. ඒ වගේම අන්තර්වාර පාලනයක් ඇති කිරීමට එතුමාගේ කැමැත්ත පළ කොට තිබෙනවා. ඒ සමගම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා කරලා, ඒ කටයුතු සිදුවිය යුතු බවත් එතුමා දැනුම් දී තිබෙනවා. ඒ පිළිබඳව ඉදිරියේදීත් යම් යම් කරුණු තිබෙනවා නම් අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේලා ට දැනුවත් කරන බවත් එතුමා දැනුම් දී තිබෙනවා.”


RECENT ARTICLES - SINHALA

ලාෆ් ගෑස් මිලත් ඉහළට

ලාෆ් ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක සිලින්ඩරය රුපියල් 150 කින් වැඩි වී...

කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට පොලිස් ආරක්ෂාව

කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා ආරක්ෂාව යොදවා තිබෙනවා. දුම්රිය නියාමක සංගමය ආරම්භ කර තිබෙන වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන්...

බදු වැඩි වෙන්නේ ගෝඨාභය එලෙව්ව නිසා – නාමල් රාජපක්ෂ

පසුගිය වසරේ පැවති අරගලය හා හිටපු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළවා හැරීම බදු වැඩි වීමට හේතු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...