හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එළඹෙන 24 වනදා ශ්‍රී ලංකාවට පැමිණෙන බව රුසියාවේ හිටපු තානාපති උදයංග මහතා පවසනවා.
මිග් යානා ගණුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ පිටව යන අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
මේ අතර, පිහිනුම් ශූර ජුලියන් බෝලින් සහ ව්‍යාපාරික ජොනතන් මාටින්ස්ටයින් අද (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට(CID) පැමිණ තිබෙනවා.
ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධිය පිළිබඳ ඉදිරි විමර්ශනයට අදාලව ප්‍රකාශ ලබාදීම සඳහායි.