ගෝඨාභය සරණාගතයෙක් නෙවෙයි – සිංගප්පූරුව

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පෞද්ගලික සංචාරයක් සඳහා සිංගප්පූරුවට ඇතුළු වීමට අවසර දී ඇති බව සිංගප්පූරු විදේශ අමාත්‍යාංශය තහවුරු කරනවා. එමෙන්ම සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා එරට සරණාගතභාවය ඉල්ලා නොමැති බවයි. එමෙන්ම සිංගප්පූරු රජයද ඔහුට කිසිදු සරණාගතභාවයක් ලබා දී නොමැති බවද එරට විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කරනවා.