හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එළඹෙන සැප්තැම්බර් 03 වැනිදා යළි මෙරටට පැමිණෙන බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග අද (25) කොළඹදී මාධ්‍ය වෙත පවසා තිබෙනවා.
මෙම මස 24 වැනි දින ඔහු මෙරටට පැමිණෙන බව තමන සඳහන් කළේ කට වැරදීමකින් බවයි පවසා ඇත්තේ.
තමන් අතින් සිදු වූ එම වැරදීම හේතුවෙන් තවදුරටත් රාජපක්ෂ මහතා මෙරටට පැමිණීම කල් ගත වූ බවත් ඔහු සඳහන් කරනවා.
මේ වන විට හිටපු ජනාධිපතිවරයා තායිලන්තයේ රැඳී සිටින අතර ආරක්ෂාව තහවුරු වූ සැණින් මෙරටට පැමිණෙන බවටයි මීට ඉහත වාර්තා වුණේ.