32 C
Colombo
Friday, March 29, 2024

ගෝඨාභයව පත් කළේත්, ඉවත් කළේත් ඇමරිකාව..! – උදයංග

- Advertisement -

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂව ජනාධිපති තනතුරට පත් කළේ මෙන්ම ඔහුව ඉවත් කළේ ද ඇමරිකා එක්සත් ජනපදය විසින් බව රාජපක්ෂ පවුලේ ඥාති සහෝදරයෙකු මෙන්ම හිටපු රුසියානු තානාපතිවරයෙකු වන උදයංග වීරතුංග පවසනවා.

සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් උදයංග වීරතුංග පවසන්නේ ඇමරිකාවට අවශ්‍ය වූයේ මහින්ද රාජපක්ෂව දේශපාලනයෙන් ඉවත් කිරීම බවයි. ඒ සඳහා ගෝඨාභයව යොදා ගැනීමෙන් අනතුරුව බලයෙන් පහ කරන ලද ගෝඨාභයව නැවත ඇමරිකාව විසින් බලයට ගෙනෙනු ඇතැයි විශ්වාස කළ නොහැකි බවත් ඇමරිකාව එක් වරක් භාවිතා කළ පුද්ගලයෙක්ව නැවත වරක් භාවිතා නොකරන බවත් ඔහු පවසනවා.

එමෙන්ම ඔහු රාජ්‍ය පාලනය කළේ කාන්තාවන්ට අවශ්‍ය පරිදි බවත් උදයංග වීරතුංග පවසනවා.

“ඔහු අන්තිම කාලෙ ඇත්තටම ඥානා අක්කා පමණක් නෙවෙයි ඔහුගේ භාර්‍යාව ඒ වගේම සහෝදරිය කියන කතා තමයි අභ්‍යන්තරයෙන් මතු උනේ. දවස පුරා කවුරු උපදේශ දුන්නත් පහුව ඔහු ක්‍රියාත්මක කළා ගොඩක් දේවල්”.

එමෙන්ම, මිග් ගණුදෙනුව සම්බන්ධව 2015 සිට 2019 දක්වා නඩු නොපැරුවේ එම නඩුවේ ප්‍රධාන වගඋත්තරකරු ගෝඨාභය රාජපක්ෂ වන නිසාවෙන් බවත් ලසන්ත වික්‍රමතුංග සන්ඩේ ලීඩර් පුවත්පතේ ප්‍රධානියාව සිටියදී මිග් ගනුදෙණුව පිළිබඳව පල කළ පුවතක් සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ විසින් ගල්කිස්ස උසාවියේ පවරන ලද නඩුවට සාක්ෂිකාරයෙකු ලෙසවත් නොකැඳවූ තමන්ව 2015දී එක වරම මිග් ගනුදෙණුව සිදු කළ පුද්ගලයා ලෙසට හංවඩු ගසන්නේ කෙසේ ද යන්නත් ඔහු වැඩිදුරටත් විමසනවා.

RECENT ARTICLES - SINHALA

Breaking: ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට

0
ජාතික හා ආගමික සංහිඳියාවට හානි සිදු වන ආකාරයෙන්, ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරුවී 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් ලැබූ ගලබොඩ අත්තේ...

ශ්‍රී පාද වන්දනාවේ ගිය විදේශිකයෙක් ප්‍රපාතයකට වැටිලා

රත්නපුර - ශ්‍රී පාද මාර්ගයේ ඇහැලකණුව ප්‍රදේශයේදී ආරක්ෂිත වැටෙන් මිටර් 100ක පමණ ප්‍රපාතයට විදෙස් ජාතිකයෙක් ඇද වැටී තිබෙනවා. ඉන්දීය ජාතිකයෙකු වූ අදාළ විදේශිකයා පසුව...

අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් දෙන්නෙක් පැනල ගිහින්

අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිරකඳවුරෙහි මහජනතාවට විවෘත කර ඇති ආපනශාලාවේ සේවය කළ සිරකරුවන් දෙදෙනෙකු අද (29) දහවල් එම ස්ථානයෙන් පළා ගොස් තිබෙනවා. බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...