31 C
Colombo
Saturday, April 20, 2024

ගෝඨාභය ෆේල්…! – මහින්දට බලය දෙන්න

- Advertisement -

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට මෙරට පාලනය භාරගන්නා ලෙසට ට රකින ජන හඬ සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඉල්ලා සිටිනවා.

රට ගොඩගත හැක්කේ මහින්ද රාජපක්ෂ මහතාට පමණක් බවයි උන්වහන්සේ අවධාරණය කරන්නේ.

ඒ, අද (20) නාරාහේන්පිට අභයාරාමයේදී පැවති මාධ්‍ය හමුව අමතමින්.

මෙලෙස බලය පැවරීමකට වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විරුද්ධ වුවහොත් එය ඔහු රටට කරන හානියක් බව උන්වහන්සේ පවසනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්මෙන් මේ රට ගොඩගනිවී යැයි සිතුවද මේ වන විට 200%කින් ජනතාව ආණ්ඩුව ගැන කලකිරීමෙන් පසුවන බවයි මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ පවසන්නේ.

“කොහොම හරි කමක් නැහැ මහින්ද මහත්තයෝ මේ රට භාර ගන්න. පංච මහා බලවේගයම කිපිලා පාරට බහින්න ඉස්සෙල්ල අපි කරන එකම ඉල්ලීම තමයි හදා ගත්ත ගෙයි අඩුපාඩු හදාගමු. නැත්නම් වෙනදෙයක් බලාගෙන ඉමු. රට ගොඩගන්න පුළුවන් මහින්ද රාජපක්ෂ මහත්තයට විතරයි. අපි ඔබතුමාගේ දෑත් ශක්තිමත් කරන්න ඉන්නවා. මේ බොල් හඬවලින් වැඩක් නැහැ.” යැයි උන්වහන්සේ පවසනවා.

RECENT ARTICLES - SINHALA

කැබ් රථයක් විදුලි කණුවක ගැටීමෙන් දෙදෙනෙකුට තුවාල

මොරගහකන්ද - මාරගමුව ප්‍රදේශයේ දී කැබ් රථයක් අධි බැලැති විදුලි කණුවක ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඇළහැර නාවුල ප්‍රධාන මාර්ගයේ සිදුවු මෙම අනතුරෙන්...

ශ්‍රි පාද ආරක්ෂිත වැටෙන් පැන්න තරුණයා සොයා මෙහෙයුම්

ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයෙක් ශ්‍රී පාද උඩ මළුවේ රත්නපුර මාර්ගයේදී ආරක්ෂිත වැටෙන් පහලට පැන අතුරුදන් වී ඇති බව නල්ලතන්නිය පොලිසිය පවසනවා. මෙලෙස ශ්‍රී පාද...

කල්පිටියේ දූපත් පහකින් රජයට කෝටි 6ක පොල්ලක්

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් 5 දෙනෙකු රුපියල් කෝටි 6කට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි වාර්තා වනවා. මෙම බදු මුදල් අයවීමට නියමිතව...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

ඊශ්‍රායලයෙන් ඉවත් වෙන්නැයි ඕස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්

ඉරානය වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊශ්‍රාලයෙන් ඉවත් වීම...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...