29 C
Colombo
Sunday, October 1, 2023

ගෝඨාභය ගෞරවයෙන් සිරිමාවෝ සිහි කරයි

- Advertisement -

ශ්‍රී ලංකා ජනරජ දිනය අදට (22) යෙදී තිබෙනවා.

බ්‍රිතාන්‍ය යටත්විජිතයක් වශයෙන් පැවැති ශ්‍රී ලංකාව පූර්ණ වශයෙන් නිදහස ලැබූ දිනය ජනරජ දිනය වශයෙන් හැඳින්වෙනවා .

බ්‍රිතාන්‍ය විසින් හඳුන්වාදුන් සෝල්බරි ව්‍යවස්ථාව(1944) වෙනුවට 1972 මැයි මස 22වන දින ශ්‍රී ලාංකිකයන් විසින් සම්පාදනය කළ ජනරජ ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ දී සම්මත වුණා.

ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් ලෙසත් එහි බුදුදහමට ප්‍රමුඛස්තානයත් , පැහැදිලිවම පිළිගත් ජනරජ ව්‍යවස්ථාව සම්මත වූ දිනයද වන්නේ මෙයයි.

ජනරජ දිනය වෙනුවෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා තැබූ සටහන පහතින්,

“ශ්‍රී ලංකාව ඩොමිනියන් පාලනයෙන් පූර්ණ වශයෙන් මිදී ස්වෛරී ජනරජයක් බවට පත්වූයේ වසර 49 කට පෙර අද වැනි දිනෙකයි.
1948 දී ලබාගත් නිදහස වඩාත් ගෞරවාන්විත තත්ත්වයකට ඔසවා තබන්නට පෙරමුණ ගත් එවකට අග්‍රාමාත්‍ය ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ඇතුළු සියලුම නායකයින් මේ මොහොතේදී කෘතවේදීව සිහිපත් කරමි.”

RECENT ARTICLES - SINHALA

ළමා අපචාර සිදුවීම්වල වර්ධනයක්

දෛනිකව ළමා අපචාර සිදුවීම් 05 ක් පමණ වාර්තාවන තත්වයක් පවතින බව ළමා හා කාන්තා කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර මහත්මිය පවසනවා. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවති...

රේගුවට නව බඳවා ගැනීම් රැසක් ඉදිරියේදී

සහකාර රේගු අධිකාරීවරුන් 138ක් සහ රේගු පරීක්ෂකවරුන් 45ක් බඳවා ගැනීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. රුවන්වැල්ල, ගලපිටමඩ ප්‍රදේශයේ පැවති ආගමික...

ගෑස් මිලත් ඉහළට?

මෙවර ගෑස් මිල සංශෝධනය ඔක්තෝබර් මස 4 වන දින ප්‍රකාශයට පත් කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ගණන්වලට...

POPULAR ARTICLES

ඉන්දියාව තුළ ආන්දෝලනයක් වූ විවාහය

උතුරු පන්ජාබ් ප්‍රාන්තයේ සමලිංගික යුවලකගේ විවාහ මංගලය්‍යක් හේතුවෙන් ඉන්දියාව තුළ විශාල ආන්දෝලනයක් හට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ, සමලිංගික විවාහ නීතිගත කිරීම පිළිබඳ ඉන්දීය ශේෂ්ඨාධිකරණය...

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝගයක්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පුරප්පාඩු 4,718 ක් පිරවීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ගත් පියවර වහා ක්‍රියාත්මක කරන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය අද(27) නියෝග කර තිබෙනවා ඒ අදාළ බඳවා ගැනිම්වලට...

චීනය නිසා එකතු වූ මහින්ද,මෛත්‍රී,ගෝඨා

මහජන චීන සමූහාණ්ඩුවේ 74 වන ජාතික දින උත්සවය ඊයේ (28) කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු...