28.4 C
Colombo
Wednesday, July 9, 2025

අමුල් – මිල්කෝ ගනුදෙනුව ගැන රජයෙන් තීරණයක්?

- Advertisement -

ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන ක්ෂේත්‍රය සංවර්ධනය සඳහා ඉන්දියාවේ අමුල් සමාගම සමඟ අත්වැල් බැඳ ගනිමින් පසුගිය රජය විසින් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබූ සැලසුම් නව රජය විසින් අනුගමනය නොකිරීමට තීරණය කර ඇති බව ‘ඩේලි මිරර්’ වාර්තා කරනවා.

මෙරට කිරි නිෂ්පාදනය ස්වයංපෝෂිත කිරීම සඳහා සහ ඉහළ නැංවීම සඳහා පැවති රජය ඉන්දියාවේ  ජාතික කිරි සංවර්ධන මණ්ඩලය (NDDB) සහ අමුල් සමාගම වෙතින් සහය ඉල්ලා තිබුණා.

ඒ අනුව, ලංකා රජයට අයත් කිරි සමාගමක් වන මිල්කෝ සහ කිරි ගොවිපළවල් ඉන්දියාවේ අමුල් කිරි සමාගම විසින් ශ්‍රී ලංකා-ඉන්දියා හවුල් ව්‍යාපාරයකින් (JV) පවරා ගැනීමට නියමිත බවද වාර්තා වුණා.

අමුල් සමාගම ඉන්දියාවේ ගුජරාටයේ ආනන්ද් හි පිහිටි ගුජරාට් සමුපකාර කිරි අලෙවි සම්මේලනයේ (GCMMF) හිමිකාරිත්වය යටතේ පවතින අතර එය මිලියන 3.6 ක කිරි නිෂ්පාදකයින් යටතේ දිවෙන සමාගමක් .

මේ සම්බන්ධයෙන් පසුගිය රජය මූලික ගිවිකට එළඹුණු අතර එවකට විපක්ෂය නියෝජනය කළ පක්ෂයක් ලෙස ලෙස ජාතික ජන බලවේගයට (NPP) අනුබද්ධ වෘත්තීය සමිති ඊට විරෝධය පළ කළා.

ඒ අනුව, වත්මන් රජය පසුගිය රජයේ සැලැස්ම සමඟ ඉදිරියට නොයෑමට තීරණය කර ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ අතර, රජයට අයත් මිල්කෝ ආයතනය සහ එන්.එල්.ඩී.බී. ගොවිපොළවල් ඉන්දියාවේ අමුල් සමාගමට ලබා නොදෙන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී පවසා තිබුණා.

“එන්. එල්.ඩී.බී. ගොවිපොළවල් සහ මිල්කෝ ආයතනය අමුල් සමාගමටත්, මෙරට තවත් සමාගමකටත් ලබාදීමට පසුගිය ආණ්ඩුව කටයුතු කරගෙන ගියා. ඊට එරෙහිව ගොවිජන සම්මේලනය විදියටත් විරෝධය පළ කරමින් ලොකු සටනක් කළා. ඒවාට සෘජුව මැදිහත් වූ අයකු ලෙස අපිට මේ ගැන අදහසක් තියෙනවා. මේක අඩු ලංසුවකට දෙන්න තීරණය කරලයි තිබුණේ. මේක ව්‍යර්ථ කළා. ඒවා කිසිවක් අදාළ ආයතනවලට දෙන්නේ නෑ.

මේවා සංවර්ධනය කරන්න ඕනෑ. ඒ සඳහා දේශීය ආයෝජකයින් හා ව්‍යවසායකයින් සම්බන්ධ කරගැනීමට සාකච්ඡා කර කටයුතු කරනවා. කොහොමටවත් මේවා විදේශීය සමාගම්වලට දෙන්න කිසිම තීන්දුවක් අරගෙන නැහැ.”

RECENT ARTICLES - SINHALA

වාහන මිල ඉහළ යනු ඇතැයි අනතුරු ඇඟවීමක්

වාහන ආනයනය කිරීම සඳහා මෙම වසර සඳහා වෙන් කළ මුදලින් ඉතිරි වී ඇත්තේ ඩොලර් මිලියන දෙසීයක් පමණක් බවත් ඒ හේතුවෙන් ඉදිරියේදී වාහන මිල යළි...

විමල් CID කැඳවයි

ශ්‍රී ලංකා රේගුව විසින් බහාලුම් 323 ක් නිසි පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක්...

බොරැල්ලේ වෙඩිතැබීමක්

බොරැල්ල ලෙස්ලි රණගල මාවත ප්‍රදේශයේදී අද (08) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති...

POPULAR ARTICLES