28 C
Colombo
Friday, July 19, 2024

රාජ්‍ය සේවකයින් දෙවැනි දිනටත් ලෙඩ වෙයි

- Advertisement -

රුපියල් 25,000ක දීමනාවක් ලබාදෙන ලෙස ඉල්ලා රාජ්‍ය සේවයේ වෘත්තීය සංගම් 200ක් පමණ ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද (09) දිනයේද  ක්‍රියාත්මකයි.

විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට ලබාදුන් රුපියල් 25,000 දීමනාව අනෙක් සියලු සේවකයින්ට ද ලබාදෙන ලෙස ඉල්ලමින් රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකතුව විසින් ඊයේ (08) සහ අද අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබුණා.

ඒ අනුව, ඊයේ දිනයේ දී දිවයිනේ බොහෝ රාජ්‍ය ආයතනවල සේවකයින් සේවයට වාර්තා කර තිබුණේ නැහැ.

මේ හේතුවෙන්, රාජ්‍ය ආයතන රැසක දෛනික කටයුතුවලට එයින් දැඩි බාධා එල්ල වුණා.

රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකතුවේ සම කැඳවුම්කරු චන්දන සූරියආරච්චි මහතා පවසා ඇත්තේ, සිය ඉල්ලීමට බලධාරීන් මෙතක් යහපත් ප්‍රතිචාර ලබා දී නොමැති බැවින් අද දිනයේත් අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි.  

රාජ්‍ය සේවකයින්ගේ වැඩවර්ජනයට සමගාමීව තැපැල් වෘත්තීය සමිති ද පසුගියදා (07) මධ්‍යම රාත්‍රියේ සිට අසනීප නිවාඩු වාර්තා කරමින් වැඩවර්ජනයට නිරතව සිටිනවා .

එම වැඩවර්ජනය අද මධ්‍යම රාත්‍රිය දක්වා ක්‍රියාත්මක කරන බව ඒකාබද්ධ තැපැල් සේවා වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළා.

මේ අතර, ඊයේ පැවති සාකච්ඡාවකදී භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසා සිටියේ,වර්ජනයේ නිරත රාජ්‍ය සේවකයින් ඉල්ලා සිටින වැටුප් වැඩිකිරීම ලබාදීමට කටයුතු කළහොත්, දැනට පනවා තිබෙන 18%ක්ව පවතින වැට් බද්ද 20% – 21%ත් අතර අගයකට ඉහළ නැංවීමට සිදුවනු ඇති බවයි.

මහජනතාව පීඩාවට පත් කරමින් එවැනි ඉල්ලීමක් සපුරාලීමට රජයට හැකියාවක් නොමැති බව ද ඒ මහතා සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

මෙරට උපාධිධාරීන්ට ජපානයේ රැකියා

ජපානයේ විදුලි සැපයුම් ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීමේ අරමුණින් එරට පෞද්ගලික අංශයේ පවතින රැකියා අවස්ථා සඳහා තාක්ෂණ ක්ෂේත්‍රයේ ලාංකික උපාධිධාරීන් බඳවා ගැනීමට කැමැත්තෙන් පසුවන බව ජපානය...

ජවිපෙන් අකුරැස්සට කෝටි 17ක රෝහලක්

2005 වසරේ සිට ජනතා විමුක්ති පෙරමුණ විසින් බලය හිමි සීමාසහිත අකුරැස්ස විවිධ සේවා අකුරැස්ස සමුපකාර සමිතිය විසින් රුපියල් කෝටි 17ක වියදමින් මහල් 05ක රෝහලක්...

වාහන ආනයනය වාර්තාව අගෝස්තුවේ කැබිනට්ටුවට

වාහන ආනයනයේදී බලපා ඇති සියලුම අංශවලට අදාළ කරුණු සොයා බැලීමට විශේෂ කමිටුවක් පත්කර තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ජූලි මස මුල්...

POPULAR ARTICLES

සඳුදා යළිත් පාසැල් වැසෙන ලකුණු

සති දෙකක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් අරඹන බව ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසනවා. ඒ අනුව, ඔවුන් සඳහන් කළේ ලබන සඳුදා (22)...

මුද්‍රිත විදුලි බිල්පත අනිවාර්යයි

පාරිභෝගිකයන් ඉල්ලා සිටින විට මුද්‍රිත විදුලි බිල්පතක් නිකුත් කිරීම අනිවාර්ය බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. නව විදුලි ගාස්තු සංශෝධනයත් සමග ශ්‍රී ලංකා...

මහින්ද රාජපක්ෂ මිස වෙන ගොනෙක් නෙවෙයි – සනත් නිශාන්තගේ බිරිඳ(වීඩියෝ)

රටේ තිබු යුද්ධය නැති කළ නායකයා මහින්ද රාජපක්ෂ මිස වෙන ගොනෙක් නොවන බව සනත් නිශාන්ත මහතාගේ බිරිඳ චමරි ප්‍රියංකා මහත්මිය පවසනවා. ඇය මේබව කියා සිටියේ...