ඇතැම් පුද්ගලයින් බෙහෙත් සම්බන්ධ සංවේදී කාරණා යොදාගනිමින් සමාජ අවධානය ලබා ගැනීමට උත්සාහ දරන බවත් එලෙස ජනතාව බිය වැද්දීම නොකළ යුතු බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ, ඖෂධ හිඟයක් පවතින බවට මේ දිනවල සමාජය තුළ ප්‍රචාරය වෙන ප්‍රවෘත්තිය සම්බධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.
ඔහු පවසා ඇත්තේ, අධිරුධිර පීඩනය, දියවැඩියාව ආදී රෝග සඳහා දෙන ඖෂධවල හිඟයක් නොමැති අතර ඖෂධ වර්ග කිහිපයක පමණක් යම් යම් බිඳ වැටී පවතින බවයි.
ඒවාට අවශ්‍ය ප්‍රතිකර්ම ද යොදා ඇති බවත් 2026 පමණ වනවිට මෙම හිඟතාවයන් සම්පූර්ණයෙන්ම මඟ හැර ගැනීමට හැකි වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.
එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි,
”යම්කිසි බෙහෙතක් නැත්නම් ඒවා ප්‍රදේශීව මිලදී ගැනීමේ ක්‍රමවේදයක් අපි ලග තියෙනවා. ඒක නිසා ඖෂධ 180ක් මධ්‍යම බෙහෙත් ගබඩාවේ නැති වුණා කියලා ලෙඩ්ඩුන්ට බෙහෙත් නැති වෙන්නේ නෑ. ඒ වගේම අපි නොයෙකුත් ක්‍රමවලින් මේ සැපයුම් ජාලයේ තියෙන අක්‍රමවත් බව නැති කරන්න කටයුතු කරනවා. ඇත්තටම වෙලා තියෙන්නේ මේ බෙහෙත් සම්බන්ධ කාරණා සංවේදී කාරණා නිසා යම් යම් පුද්ගලයින් සමාජ අවධානය තමන් වෙතට යොමු කර ගැනීම සඳහා මෙම ඖෂධ කියන කාරණාව යොදා ගෙන තිබෙනවා. අපි ඒ පුද්ගලයින්ට කියනවා මිනිස්සු බය කරන්න එපා”
මේ වන විට මධ්‍යම ඖෂධ ගබඩාව තුළ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 180ක පමණ හිඟයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද පසුගියදා ප්‍රකාශ කර තිබුණා.
පිළිකා රෝගීන්ට ලබා දෙන ඇතැම් ඖෂධවල හිඟතාවයක්ද පවතින බවත් ඒ හේතුවෙන් එම රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට සීමා පැනවී ඇති බවත් එම සංගමය සඳහන් කරනවා.