30 C
Colombo
Thursday, June 8, 2023

‘ආණ්ඩුව බුද්ධිමත් නොවුණහොත් රට ව්‍යසනයකට’ – දෙමළ ජාතික සන්ධානයෙන් නිවේදනයක්

- Advertisement -

සියලු දෙනාගේම අනන්‍යතාවයන්වලට ගරු කරන ජනතාවට සාමයෙන් ජීවත් වියහැකි යුක්තිසහගත නවආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට සිය පූර්ණ සහාය පළකරන්නේ යැයි දෙමළ ජාතික සන්ධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

රටේ අනාගතය සමෘද්ධිමත් වන්නේ රටට තිරසාර දේශපාලන විසඳුමක් ලැබුණහොත් පමණක් යැයි ද එවැනි විසඳුමක් ලංකා ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් වනු ඇතැයි ද එහි නායක ආර්.සම්බන්ධන් මහතාගේ අස්සනින් නිකුත් කර ඇති එම නිවේදනයේ සඳහන් වේ.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජාතික ගැටලුවට විසඳුමක් නොවන එකක් වුවහොත් එය කිසිලෙසකින් අපේක්ෂා කරන සාමය සෞභාග්‍ය උදා නොකරනු ඇතැයි ද රටටත් ජනතාවටත් යහපතක් නොකරනු ඇතැයි ද දෙමළ ජාතික සන්ධානය පවසයි.

විශේෂයෙන්ම ආණ්ඩුව බුද්ධිමත්ව කටයුතු නොකළහොත් ජාත්‍යන්තර තලයේදී ව්‍යසනකාරී අත්දැකීමකට මුහුණ දෙන්නට ශ්‍රී ලංකාවට සිදුවනු ඇතැයි ද දෙමළ ජාතික සන්ධානය එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.  

RECENT ARTICLES - SINHALA

ඉන්ධන වෙළෙඳපොලට එන අලුත්ම සමාගම මෙන්න

ඛනිජතෙල් නිෂ්පාදන ආනයනය, ගබඩාකිරීම, බෙදාහැරීම සහ විකිණීම සඳහා මෙරට රජය R.M. Parks Inc. සහ ෂෙල් සමාගම සමඟ දිගු කාලීනව ගිවිසුමට අත්සන් තබා...

පුත්තලමේ කපුටන් රැසක් මියගිහින්

පුත්තලම නගරයේ වාන පාර වැව අසල කපුටන් රැසක් ඊයේ (07) උදෑසන සිට මිය යමින් සිටින බව වාර්තා වනවා. පුත්තලම...

ජාතික ජනබලවේගයේ උද්ඝෝෂණය ඇරඹෙයි

ජාතික ජනබලවේගය රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිට දී සංවිධානය කළ උද්ඝෝෂනය මේ වන විට ආරම්භ වී තිබෙනවා. පළාත් පාලන...

RECENT ARTICLES - ENGLISH

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.

Businessman arrested for abducting mother of three and holding her captive for 6 months

0
A businessman, who is believed to have abducted a 29-year-old mother of three children and held her captive, was apprehended by the...