25 C
Colombo
Saturday, March 25, 2023

ඇමති සරත් වීරසේකරගේ විකාර ෆේස්බුක් සටහනින් රජයේ නිල පුවත් සේවය අමාරුවේ

- Advertisement -

අද (27) කැබිනට් රැස්වීමේදී මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර විසින් ගෙන එන ලද බුර්කාව ඇතුළු, අනන්‍යතාව සැඟවෙන මුහුණු ආවරණ සියල්ල තහනම් කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබුණා.

මීට පෙර මාර්තු මාසයේදීද අදාල ගැසට් පත්‍රයට තමන් අත්සන් කර අවසන් බව මාධ්‍ය වෙත පවසා පසුවදා එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව පැවසුවද එය පුස්සක් වීම හේතුවෙන් අමාත්‍යවරයා දැඩිලෙස අපහසුතාවයට පත්ව තිබුණා.

කෙසේ වෙතත් අද (27) දිනයේ එයට කැබිනට් අනුමැතිය හිමිවීමත් සමග අමාත්‍යවරයාගේ නිල ෆේස්බුක් පිටුවේ කලබලයෙන් දමන ලද නිවේදනයක් හේතුවෙන් මේ වන විට රජයේ නිල පුවත් වෙබ් අඩවිය වන News.lk වෙබ් අඩවිය මහජනයා නොමග යවන සුළු ප්‍රවෘත්තියක් පලකර තිබෙනවා.

ඊට අනුව ‘ජාතික ආරක්ෂාව පිළිබඳව අවධානය යොමුකර පොදු ස්ථානවල සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කිරීම තහනම් කිරීමේ කැබිනට් යෝජනාවට අනුමැතිය’ යන ශීර්ෂය යටතේ පුවතක් පලකර ඊට කොවිඩ් වෛරසයෙන් බේරීම සඳහා මුව ආවරණ භාවිතා කර සිටින මහජනයාගේ ඡායාරූපයක් ඇතුළත් කර තිබෙනවා.

මෙම පුවතට අනුව ප්‍රසිද්ධ ස්ථානවල මින් අනතුරුව මුව ආවරණ පැළදීම වරදක් යැයි මහජනයාට ඒත්තු යනු ඇති.

කෙසේ වෙතත් අදාල නොමග යැවීමේ සුළු ප්‍රවෘත්තියට පාදක වන්නේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා කළබලයට තැබූ ෆේස්බුක් සටහන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව සිය නිල ෆේස්බුක් ගිණුමේ ඔහු පළමුවරට සටහන් කර ඇත්තේ ‘මුහුණු ආවරණ සඳහා කැබිනට් අනුමැතිය ලැබේ’ යන්නයි.

මේ අවස්ථාවේ මුහුණු ආවරණවලට කිසිදු කැබිනට් අනුමැතියක් අවශ්‍ය නොවන බව ඕනෑම කෙනෙකු දන්නා කරුණකි.

පසුව යළිත් වරක් එය වෙනස් කොට ‘මුහුණු ආවරණ තහනම සඳහා කැබිනට් අනුමැතිය ලැබේ’ ලෙස සරත් වීරසේකර අමාත්‍යවරයා සිය නිල ෆේස්බුක් ගිණුමේ පලකර තිබෙනවා.

මෙය පාදක කරගෙන රජයේ නිල පුවත් සේවය මුහුණු ආවරණ, එසේත් නැත්නම් Face Mask පැළඳ සිටින මහජනතාවගේ ඡායාරූපයක් පලකර තිබෙනවා.

නමුත් ඉන් නොනැවතුණු සරත් වීරසේකර මහතා සිය සටහන යළි යළිත් වෙනස් කර තිබෙන ආකාරයද දක්නට ලැබුණා.

සිය යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබීමේ ප්‍රීතියෙන් සිදුවූ කලබලය හේතුවෙන් මේ වන විට මහජනතාව අතර වැරදි පුවතක් සමාජගතවීම පිළිබදව අමාත්‍යවරයා මහජනතාවගෙන් සමාව ගත යුතු වනවා.


RECENT ARTICLES - SINHALA

චීනයෙන් තවදුරටත් ණය ගැනීම සිදු නොකළ කළ යුතුයි – ඉන්ද්‍රජිත් කුමාරස්වාමි

0
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් මිදීමට නම් තවදුරටත් චීනයෙන් ණය ලබා ගැනීම සිදු නොකළ යුතු බව හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි...

මහ බැංකු අධිපතිට ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවන්ගෙන් ස්තුතිය

0
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ඊයේ (24) දිනයේ ස්තුතිය පළකර තිබෙනවා. ඒ...

යළි වාහන ආනයනයට අවසර දෙන්න – වාහන ආනයනකරුවන්

0
වාහන ආනයනය සඳහා අවශ්‍ය පහසුකම් සලසන මෙන් ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා. එම සංගමයේ ලේකම් ප්‍රසාද්...

RECENT ARTICLES - ENGLISH

‘Prophet’ Uebert Angel involved in gold smuggling scheme

0
One of Zimbabwe’s most influential diplomats, Uebert Angel, offered to use his status to launder millions of dollars through a gold-smuggling scheme,...

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...