24 C
Colombo
Sunday, January 19, 2025

රජය ඇණවුම් කළ සහල් බෙදා හැරීම අද සිට

- Advertisement -

රජය විසින් මෙරටට ඇණවුම් කළ සහල් තොග ලක් සතොස හා සමූපකාර හරහා බෙදා හැරීම අද(01) සිට ආරම්භ කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා .

එහි සභාපති රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, ඇණවුම් කළ සහල්වල පළමු සහල් තොගය ලෙස සහල් මෙට්‍රික්ටොන් 780ක් මේ වනවිට දිවයිනට ලැබී ඇති බවයි.

ඉන් සහල් මෙට්‍රික්ටොන් 200ක් ලක් සතොස හරහා අලෙවි කරන බව ද ඔහු ප්‍රකාශ කළා.

එමෙන්ම,  තවත් සහල් මෙට්‍රික්ටොන් 26000ක් ඇණවුම් කිරීම සඳහා මේ වනවිට ටෙන්ඩර් කැඳවා අවසන් කර ඇති බවද සභාපතිවරයා පවසා තිබෙනවා.

ඊයේ (31) දින දහවල් 12 වන විට ආනයනය කර රේගුවෙන් නිශ්කාෂනය කර වරායෙන් පිටත් කර ඇති සමස්ත සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 79,000ක් බව ශ්‍රී ලංකා රේගුව සඳහන් කළා.

රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ මහතා පැවසුවේ ආනයනය කර ඇති සහල් ප්‍රමාණය අතුරින් කැකුළු සහල් ටොන් 31,000ක් ද තැම්බූ සහල් ටොන් 48,000ක් ද වන බවයි.

මේ අතර පෞද්ගලික අංශය මගින් ඇණවුම් කළ සහල් මෙට්‍රික්ටොන් 80000ක්ද මේ වන විට වෙළෙඳපොළට මුදා හැර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මහින්ද කොළඹ ගෙදරින් දොට්ට වැටෙන ලකුණු

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිටින නිවස රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව ඔස්සේ තක්සේරු කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා පවසා සිටියේ එම නිවසෙහි තක්සේරුව...

මහ ගංවතුර තත්ත්වයක්; වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදන

නාච්චාදූව ජලාශයේ පිටවාන් දොරටු විවෘත කර ඇති බැවින් මේ වනවිට තත්පරයට ඝණ අඩි 3,700 ක් තරම් සීග්‍රතාවයකින් මල්වතු ඔයට ජලය පිටවාන් දැමීම සහ මල්වතු...

‍මන්නාරම් වෙඩි තැබීමට හමුදා සෙබළකු ඇතුළු තුනක් මාට්ටු

මන්නාරම අධිකරණ සංකීර්ණය ඉදිරිපිට සිදුකළ වෙඩි තැබීමේ සිදුවිම සම්බන්ධයෙන් යුද හමුදා සෙබළකු අ‍ැතුළු සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලිසිය පවසනවා. පොලිසිය සඳහන් කළේ සැකකරුවන් අතර...

POPULAR ARTICLES