27.8 C
Colombo
Friday, April 26, 2024

වැටුප් නොවන දීමනා කප්පාදුවක් – රජයට බඳවා ගැනීම් නතර කෙරේ

- Advertisement -

රජයේ වියදම් දැඩිව පාලනයට උපදෙස් දෙමින් මුදල් අමාත්‍යාංශය විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනඑආ

සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ රජයේ ආයතන ප්‍රධානීන් වෙතයි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ.

ඒ අනුව, දැනට ආරම්භ කිරීමට නියමිත සියලු ව්‍යාපෘති අත්හිටුවන ලෙසට දැනුම් දී තිබෙනවා.

සේවක බඳවා ගැනීම් සඳහා මූලික කටයුතු සිදුකර ඇති – නමුත් මෙතෙක් පත්වීම් කර නොමැති තනතුරු සඳහා බඳවා ගැනීම කල් තැබීම, අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර නොමැති කිසිදු දීමනාවක – සුබසාධන වැඩසටහන් – සංවර්ධන සහයන් හෝ සහනාධාර ලබා දීම නතර කිරීම, වැටුප් නොවන දීමනා බිල්පත් ප්‍රතිපූර්ණය කිරීම යනාදිය සමාලෝචනය කර පොදුවේ සියලු නිලධාරීන් වෙත ලබා දීම වෙනුවට සත්‍ය වශයෙන්ම එකී කාර්යයේ නියැලෙන නිලධාරීන්ට පමණක් සීමා කිරීම යනාදී කරුණු ද එම චක්‍රලේඛයට ඇතුළත්.

රාජ්‍ය නිලධාරීන්ගේ අත්තිකාරම් ගිණුම් යටතේ මාණ්ඩලික නිලධාරීන් වෙත ලබාදෙන ණය පහසුකම් මේ වසර අවසන් වන තෙක් අත්හිටුවීම මෙන් ම සියලු සුබසාධන සහ සහනාධාර වැඩසටහන් නැවත සමාලෝචනය කර ඒවා අත්‍යාවශ්‍යයෙන් ම ලැබිය යුතු අඩු ආදායම්ලාභීන්ට හෝ අත්‍යවශ්‍ය ප්‍රතිලාභීන්ට පමණක් සීමා කිරීමට ද එම විශේෂ චක්‍රලේඛයෙන් උපදෙස් දී තිබෙනවා.

මීට අමතරව විවිධ චක්‍රලේඛ මගින් මේ වනවිටත් හඳුන්වා දී ඇති ඉන්ධන, සන්නිවේදන දීමනා – ජල හා විදුලිබල වියදම් ආදි සීමා කිරීම් මෙන්ම ගොඩනැගිලි ඉදිකිරීම් හා කුලියට ගැනීම වැළැක්වීම, දේශිය අරමුදල් මගින් සිදුකරන විදේශ අධ්‍යයන චාරිකා සහ පුහුණුවීම් නැවැත්වීම ආදිය ද නව චක්‍රලේඛය මගින් තවදුරටත් බලාත්මක කර තිබෙනවා.

සම්පූර්ණ චක්‍රලේඛය මෙසේය.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...