24 C
Colombo
Sunday, February 16, 2025

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට රජයෙන් වාහන

- Advertisement -

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම වාහනයක් ලබාදීමට ආණ්ඩුව ඉදිරියේ දී පියවර ගන්නා බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

ඊයේ (20) රූපවාහිනි නාලිකා වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ, මින් ඉදිරියට කිසිදු මන්ත්‍රීවරයෙකුට වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබා නොදෙන බවයි.

රාජකාරීමය අවශ්‍යතාවය සඳහා මන්ත්‍රීවරයෙකුට හෝ අමාත්‍යවරයෙකුට වාහනයක් අවශ්‍ය බවට පිළිගන්නා බවත් පෙර පැවති ක්‍රමවේදය වෙනස් කරමින් පාර්ලිමේන්‍තුවේ සියලුම මන්ත්‍රීවරුන්ට වාහනයක් රජයෙන් ලබාදෙන බවත් අමාත්‍යවරයා එහිදී කියා සිටියා.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ විජිත හේරත් මහතා :

” රාජකාරීමය අවශ්‍යතාවය සඳහා මන්ත්‍රීවරයෙකුට ඇමතිවරයෙකුට වාහනයක් තිබිය යුතු බව අපි පිළිගන්නවා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහනයක් දෙන්නේ නැහැ කියලා අපි කවදාවත් කියලා නැහැ. වාහනේ අලුත් ද පාවිච්චි කරපු එකක්ද, ඒක එහෙමනම් අපි පාවිච්චි කරපු වාහන දෙනවනම් අපි හැමෝටම එක මට්ටමෙන් දෙන්න ඕනෙ. එක වර්ගෙන් දෙන්නත් ඕන නැත්නම් ආයි ප්‍රශ්නයක් මතු වෙනවා. අපි බොහොම පැහැදිලියෙන් ප්‍රතිපත්තිය කිව්වා.වාහනයක් සම්බන්ධයෙන් ඒ වසර පහක කාලය සඳහා යම් කාලයක් ලබාදීම සිදු කරනවා. ඒ වාහන යේ පාවිච්චි කරන ක්‍රමවේදය විකල්ප දෙකක් තියෙනවා. එකක් තමයි වාහනය පාවිච්චි කරලා අවුරුදු පහ ඉවර වෙනකොට,වාහනහ රජයට ලබා දීලා යන එක. දෙවෙනි එක වාහනය ක්ෂය වීමේ පදනම මත අවුරුදු පහ ඉවරවෙනකොට ඒ තියෙනන වටිනාකම රජයට ගෙවලා වාහනය තමන් හිමි කරගන්න එක. ඔය දෙක ක්‍රියාත්මක කරනව කියල අපි එදා කිව්වා”

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ සිරවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ගෙන් 13දෙනෙකු නිදහස් කර ගෙන තිබෙනවා. මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු...

සා/පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනසක් නැහැ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ විභාග ක්‍රමය හෝ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනස් නොකරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය...

හරියටම ඔත්තු දුන්නොත් පොලීසියෙන් මිලියනයක තෑග්ගක්

වැල්ලව පොලිස් වසමේ වාසල එපාට්මන්ට්, මරළුවාව ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට දෙසැම්බර් මස 24 වන දින රාත්‍රී කාලයේ T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ...

POPULAR ARTICLES