28.9 C
Colombo
Tuesday, July 8, 2025

තැන තැන දාලා යන රජයේ වාහන(වීඩියෝ)

- Advertisement -

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ අමාත්‍ය ලේකම්වරු ඇතුළු ඉහළ නිලධාරීන් භාවිතා කළ ‘සුපිරි’ වාහන විශාල සංඛ්‍යාවක් මේ වන විට කොළඹ ගාලුමුවදොර පිටියේ ගාල්කර තිබෙනවා.

කොළඹ පදනම් ආයතනය සහ ලක්සළ අසළ ද තවත් වාහන මේ ආකාරයට ගාල්කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ජාතික ජනබලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ මහතා අද (26) එම වාහන පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව පැවසුවේ අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව ඒවා පාවිච්චි කළ නිලධාරීන් ගාලු මුවදොර පිටියේ ඇතුළු ස්ථාන කීපයක මෙසේ නවත්වා ගොස් ඇති බවයි.

මෙම වාහන තොගය සමඟ මෙරට මහජන දේපළ පාවිච්චි කර ඇති ආකරය ප්‍රදර්ශනය වන බවත් අනුර දිසානායක මහතා ජනාධිපති නොවුණේ නම් තවමත් එම වාහන පාරේ ධාවනය වන බවත් සමරසිංහ මහතා සඳහන් කළා.

මහජනතාවගේ තෙල් සහ සල්ලිවලින් එම වාහන ධාවනය වූ බව පැවසු වසන්ත සමරසිංහ මහතා ජනාධිපති කාර්යාලයට අයත් වාහන 833 ක තොරතුරු ලේඛණවල තිබෙන බව පවසා සිටියා.

එම වාහන 833 න් 29 ක් 2022 වසර වන විට අතුරුදහන්ව තිබූ බවත් හිටපු ජනාධිපතිවරු වන රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්‍ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්‍ෂ සහ චන්ද්‍රිකා කුමාරතුංග යන අය වාහන ගිල දැමුවේ දැයි යන ගැටලුවත් මතු වන බවත් ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

වාහන මිල ඉහළ යනු ඇතැයි අනතුරු ඇඟවීමක්

වාහන ආනයනය කිරීම සඳහා මෙම වසර සඳහා වෙන් කළ මුදලින් ඉතිරි වී ඇත්තේ ඩොලර් මිලියන දෙසීයක් පමණක් බවත් ඒ හේතුවෙන් ඉදිරියේදී වාහන මිල යළි...

විමල් CID කැඳවයි

ශ්‍රී ලංකා රේගුව විසින් බහාලුම් 323 ක් නිසි පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක්...

බොරැල්ලේ වෙඩිතැබීමක්

බොරැල්ල ලෙස්ලි රණගල මාවත ප්‍රදේශයේදී අද (08) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති...

POPULAR ARTICLES