23 C
Colombo
Sunday, February 16, 2025

ඖෂධ පරීක්ෂාගාර කිහිපයක් ඉදිකිරීමට රජයේ අවධානය

- Advertisement -

ඖෂධ පරීක්ෂා කිරීමට අවශ්‍ය පරීක්ෂාගාර කිහිපයක් ඉදිරියේ දී ඉදිකිරීමට රජයේ අවධානය යොමු වී ඇති බව සෞඛ්‍ය අමාතංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.

අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ අසාදුගත සමාගමක් ඖෂධ ආනයනයන කිරීම සම්බන්ධයෙන් ද එල්ල වන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි.

මහනුවර ප්‍රදේශයේ මාධ්‍ය වේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට සෞඛ්‍ය අමාතංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙලෙස අදහස් පළ කර තිබුණා.

“සෞඛ්‍යවල තත්ත්වය පරීක්ෂා කරන විවිධ අවදිවලදී, මේ පරීක්ෂණ කරන්න ඕනේ. නමුත් අපේ දිගටම කරලා තියෙන්නේ යම් පැමිණිල්ලක් තියෙනවා නම් විතරයි. එය ප්‍රමාණවත් වන්නේ නෑ. දැන් රජයේ අවධානය යොමු කරලා තියෙනවා පරීක්ෂාගාර එකක් දෙකක් ලංකාවේ ස්ථාපිත කරගැනීමට. ශ්‍රී ලංකාව කුඩා රටක් වුණාට මේ සෞඛ්‍ය පද්ධතිය රාජ්‍ය සෞඛ්‍ය පද්ධතියක් වීම තුළ හා ඒ ඖෂධ සැපයීම මධ්‍යගත වීම තුළ ඒ ප්‍රසම්පාදන ක්‍රියාවලිය බොහෝ දියුණු රටවල ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලියට වඩා ප්‍රමාණයෙන් ලොකුයි.”

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ සිරවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ගෙන් 13දෙනෙකු නිදහස් කර ගෙන තිබෙනවා. මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු...

සා/පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනසක් නැහැ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ විභාග ක්‍රමය හෝ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනස් නොකරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය...

හරියටම ඔත්තු දුන්නොත් පොලීසියෙන් මිලියනයක තෑග්ගක්

වැල්ලව පොලිස් වසමේ වාසල එපාට්මන්ට්, මරළුවාව ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට දෙසැම්බර් මස 24 වන දින රාත්‍රී කාලයේ T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ...

POPULAR ARTICLES