32 C
Colombo
Thursday, March 28, 2024

කොවිඩ් මර්ධන එන්නත ලබාගැනීම අනිවාර්යය කිරීමට රජයේ අවධානය?

- Advertisement -

කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගැනීම අනිවාර්යය කිරීම සම්බන්ධයෙන් අවශ්‍යතාව අනුව ඉදිරියේදී නීතිරීති සම්මත කර ගැනීමට හැකි වනු ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.

මහනුවර ජාතික රෝහලේ අද (26) පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා ඒ බව සදහන් කළා.

එහිදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ,

“සෞඛ්‍ය අංශ දැඩි ලෙස ඉල්ලීමක් කරනවා තමාගේ ආරක්ෂාව පිණිස මේ එන්නත් මාත්‍රා දෙකම ලබාගන්න කියලා. තමාගේ ජීවිතය ගැන තමාට අයිතියක් තියෙනවා වගේම තව කෙනෙකුට එය බෝ වෙන එක වැළැක්වීමට ගන්නා තීරණවලට විරුද්ධ වෙනවා නම් ඒකේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා නීතිමය තත්ත්වයත් ඒ අත්‍යවශ්‍ය තත්ත්වයත් තුළ අපිට ඒ දේ කළ හැක්කේ කෙසේද කියන තීන්දුව ගන්න සිද්ධවෙනවා.”            

එසේම බොහෝ පිරිසක් එන්නත් ලබාගැනීමට පැමිණෙන නමුත් ඇතැමුන් එය නොසලකා හරින තත්ත්වයක් යටතේ රටේ අවශ්‍යතාවය මත ඉදිරියේදී එන්නත ලබාගැනීම පිළිබඳ සමාලෝචනය කිරීමට සිදුවන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

ඔහු වැඩිදුරටත් සදහන් කළේ එන්නත්කරණය සම්බන්ධයෙන් ඉදිරියෙදී නීති රාමුවක් සකස් කිරීම අවශ්‍ය නම් එය සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කොට සිදුකරන බවයි.

RECENT ARTICLES - SINHALA

එන්නතකින් පසු පාසල් සිසුන් 10 ක් රෝහලේ

කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතක් විසවීමෙන් සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර තිබෙනවා. කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග පවසන්නේ...

කාන්තාවකට පහරදී රන් භාණ්ඩ සොරාගෙන

හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ලක්ෂ දොළහක් පමණ...

උද්ධමනය පහළට

මෙරට මාසික පාරිභෝගික උද්ධමනය 2024 පෙබරවාරි මාසයට සාපේක්ෂව 2024 මාර්තු මාසයේ පහළ ගොස් ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ජන ලේඛන...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...