24 C
Colombo
Thursday, January 23, 2025

රාජ්‍ය සේවක කප්පාදුව ගැන රජයේ ස්ථාවරය

- Advertisement -

රාජ්‍ය සේවක කප්පදුවක් සිදුකිරීමට බලාපොරොත්තුවක් නොමැති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

අද (31) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ, රාජ්‍ය සේවයේ සිටින පිරිස ඵලදායි ලෙස හා කාර්යක්ෂමව සේවයේ යෙදවීම රජයේ අපේක්ෂාව බවයි.

බඳවා ගත් පිරිස රටේ ජනතාවට සේවය සපයන ආකාරයට විදිමත්ව ස්ථානගත කිරීමට බලාපොරොත්තු වන බව ද පැවසු අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පහළ ශ්‍රේණිවල බොහෝමයක් බඳවා ගැනීම් සිදුකර ඇත්තේ සේවා අවශ්‍යතාවයට වඩා දේශපාලන උවමනාවට බවයි.

මින් ඉදිරියට අත්‍යාවශය බඳවා ගැනීම් සිදුකරන බවත් අමාත්‍යවරයා මෙහිදී කියාසිටියා.

එහිදී වැඩිදුරටත් ඔහු කියා සිටියේ,

“රැකියා කප්පාදුවකට යන්න බලාපොරොත්තුවක් නෑ. මොන විදියට බඳවා ගැනීම් සිදුකළත් ඒ අය රජයේ සේවයට ඇතුළත් වෙලා තියෙනවා. ඒ මත තමන්ගේ ජීවිතය සැලසුම් කරගෙන තියෙනවා. සමහරු බැංකු ණය අරන් ඇති, ජීවිතයට එකතු කරගෙන ඇති එවැනි කෙනෙකුගේ සාමාන්‍ය ජීවිතය අඬාල කරන්න අපි කටයුතු කරන්නේ නෑ. ආර්ථික දුෂ්කරතාවයන් මත ඒ බඳවා ගැනීම් සිදුකර තිබෙන්නේ. නමුත් අපි රජයෙන් ඔවුන් වෙනුවෙන් විශාල මුදලක් වියදම් කරනවා. මහජනතාවට උපරිම සේවයක් ලබාදීමට රාජ්‍ය සේවය කළමනාකරණය කරනවා. රාජ්‍ය සේවය බර වැඩියි කියන්නේ අයින් කරනවා කියන එක නෙමෙයි. අපි බලනවා ඒ බර දරාගෙන  උපරිම සේවයක් ගන්න.”

RECENT ARTICLES - SINHALA

Breaking: අනුර ප්‍රියදර්ශන යාපා අත්අඩංගුවට

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (22) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පවසනවා. මීට අමතරව...

අම්බලන්තොට වෙඩි තැබීමක්

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ අද (22) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් කළ විමසීමකදී පවසා සිටියේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම...

ජනපති හා මුදල් අමාත්‍යාංශ නිළධාරීන් අතර හමුවක්

රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර  ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව,  ජනාධිපති අනුර කුමාර  දිසානායක  මහතා  ප්‍රකාශ කළා. ඒ 2025 අයවැය...

POPULAR ARTICLES