31 C
Colombo
Tuesday, February 18, 2025

ශ්‍රීලංකන් ගුවන් සමාගම ගැන රජයේ ස්ථාවරය

- Advertisement -

ශ්‍රීලංකන් ගුවන් සමාගම රජය සතු සමාගමක් ලෙස ඉදිරියටත් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ පසුගිය රජය විසින් ශ්‍රීලංකන් ගුවන් සමාගම විකිණීමට කටයුතු සැලසුම් කර තිබූ බවයි.

වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් බිමල් රත්නායක අමාත්‍යවරයා ඒ බව සඳහන් කළා.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ,

“ශ්‍රීලංකන් ගුවන් සමාගම වහලා, විකුණලා, විනාශ කරලා තිබුණේ.  ඒ වගේම මගේ දැනීමේ හැටියට ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් යානා තුනක් අවුරුදු 03ක් තිස්සේ ග්‍රවුන්ඩ් කරලා තිබුණා එන්ජිම නැතුව. අවුරුදු 03ක් තිස්සේ මාසයකට ඩොලර් ලක්ෂ 09 ගාණේ යානා බිම තියාගෙන ගෙව්වා රනිල් ලාගේ පසුගිය ආණ්ඩු. එහෙම තමයි ඒ අය හොඳටම කළේ. දැන් මම දන්න තරමින් ගනේගොඩ මහතා ඇතුළු අලුත් නායයෝ ඇවිල්ලා ඒ අය යම් ආකාරයකට මුදල් හොයාගෙන බිම තියෙන යානාවලින් එකක් දැනට ඔපරේට් වෙනවා තව දෙකක් ඒ අය අප්‍රේල්වලට කලින් ඔපරේට් කරන්න යනවා. ඉතින් ඒ නිසා ඒ අය ශ්‍රීලංකන් ගුවන් සමාගම විකුණන්නේ නැතිව ඉදිරියට යන්න සැලැස්මක ඉන්නේ.” 

RECENT ARTICLES - SINHALA

කෙහෙළියට එරෙහි නඩුවක සාක්ෂි විභාගය පටන් අරන්

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති හින්කෙන්ද යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව අද...

එකඟෙයි හවුලට අභ්‍යන්තර අර්බුද බාධාවක් වෙලා

සමගි ජනබලවේගය පක්ෂය තුළ පවතින අභ්‍යන්තර අර්බුද හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය සමඟ පැවැත්වෙන සාකච්ඡාවලට බාධා එල්ල වී තිබෙනවා. එළැඹෙන මැතිවරණවලදී එක්ව තරග කිරීම සඳහා එක්සත්...

සජිත්ගෙන් ඉල්ලීමක්

මාර්තු 21 වනදා පැවැත්වෙන අයවැය අවසාන ඡන්ද විමසීමෙන් පසුව මැතිවරණය කැඳවන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කරනවා. විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ...

POPULAR ARTICLES