27 C
Colombo
Sunday, April 2, 2023

සූරියවැව ගොවීන්ගෙන් ආණ්ඩුව දින 08ක් ඉල්ලයි

- Advertisement -

හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් සූරියවැව අලි කළමනාකරණ රක්ෂිතය වහාම ගැසට් කරන ලෙසත්, රක්ෂිතයට අදාළ භූමිය බලහත්කාරයෙන් පවරාගෙන සිටින දේශපාලනඥයන්ගේ හිතවතුන් ඉවත් කරන ලෙසත් බලකරමින් සූරියවැව, වල්සපුගල වැව් කණ්ඩිය මත පවත්වන මාරාන්තික උපවාසයට සහභාගි වී සිටින ගොවීන්ට ආණ්ඩුව පාර්ශ්වයෙන් දැනුම්දීමක් කර ඇත.

ඒ දින 08ක ඇතුළත අදාළ රක්ෂිතය ගැසට් කිරීමට අවශ්‍ය කටයුතු කරන බවටයි.
හෙට (23) මහවැලි විෂය භාර කැබිනට් ඇමැති චමල් රාජපක්ෂ ද අදාළ ස්ථානයට පැමිණෙන බව ගොවීන්ට දැනුම් දී තිබේ.
කෙසේ වෙතත් සූරියවැව ඒකාබද්ධ ගොවි සංවිධානය පවසන්නේ ආණ්ඩුව පාර්ශ්වය නියෝජනය කරන ප්‍රාදේශීය සභා සහ පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ සමීපතමයන් මගින් මේ බලහත්කාරයෙන් මේ උපවාසය නතර කිරීමේ උත්සාහයක් ක්‍රියාත්මක බවයි.
ඊයේ (21) දිනයේද එවැනි කණ්ඩායම් දෙකක් පැමිණ උපවාසය කඩාකප්පල් කිරීමට උත්සාහ දරා තිබිණි.
අද (22) දිනයේද අදාළ ස්ථානයේ සාමකාමී උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිත ය.
මාරාන්තික උපවාසයේ නිරත ගොවීන් 21 දෙනා අතරින්, කිහිපදෙනෙකු මේ වනවිට අසාධ්‍ය තත්ත්වයට පත්වෙමින් සිටින බවත්, ඒ අතර ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති මහින්ද සමරවික්‍රම ද සිටින බවත් අදාළ සංවිධානයේ නියෝජිතයෙක් සඳහන් කළේය.

ඡායාරූප – නුවන් ජයසේකර

RECENT ARTICLES - SINHALA

මොන්ටිසෝරියටත් ප්‍රජනන සෞඛ්‍යය

පෙර පාසල් අවධියේ සිටම ප්‍රජනන සෞඛ්‍ය සම්බන්ධයෙන් ඉගැන්වීම් දරුවන්ට ලබාදීමට විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා. ළමයින් සඳහා වන පාර්ලිමේන්තු...

පාඨලීගෙන් නව දේශපාලන පක්ෂයක්

ලබන මසදී නව දේශපාලන පක්ෂයක් පිහිටුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ...

වෘත්තිකයන් අවසන් තීරණයකට එන්න හෙට යළි රැස්වෙයි

රජයේ නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට වෘත්තීයවේදීන්ගේ සමිති එකමුතුවේ නියෝජිතයින් හෙට (03) යළි...

RECENT ARTICLES - ENGLISH

Smuggling gold: Uebert Angel stripped of diplomatic impunity

0
Zimbabwean President Emmerson Mnangagwa has stripped presidential envoy and ambassador-at-large self-styled Prophet Uebert Angel of his diplomatic status in the aftermath of...

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...