30.6 C
Colombo
Thursday, April 25, 2024

ආණ්ඩුව බැසිල් පිල – කබ්රාල් පිල ලෙස දෙකට බෙදිලා..!

- Advertisement -

මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ කණ්ඩායම සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ කණ්ඩායම ලෙස ආණ්ඩුව දෙකට බෙදී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

ඒ, ඊයේ (16) දින කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයා ආර්ථික අර්බුදයට හේතු වශයෙන් කාරණා 06ක් ඉදිරිපත් කර තිබෙන බවත්, ආර්ථික අර්බුදයට මූලික හේතුව ලෙස 2019දී අත්තනෝමතිකව බදු කපා හැරීම පෙන්වා දී තිබෙන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

මේ අතර, ආර්ථික ප්‍රශ්නය විසඳීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගිවිසුම් අත්සන් කරනු ලබනුයේ මුදල් ඇමතිවරයා සහ මහබැංකු අධිපතිවරයා යන පාර්ශ්ව දෙක සමග වන නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් මෙතෙක් මහබැංකු අධිපතිවරයා මුණගැසී නොමැති බවත් හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“අපි දකින මූලික ගැටලුව තමයි ආණ්ඩුව දෙකට බෙදිලා මේ ආර්ථික ප්‍රශ්නය විසඳන්නේ කොහොමද කියලා. එක පැත්තක් නිවාඩ් කබ්රාල්ගේ කණ්ඩායම. අනිත් එක බැසිල් රාජපක්ෂගේ කණ්ඩායම. අපි දැක්කා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලොක්කෝ ඇවිල්ලා තිබෙනවා ලංකාවට. ඒ ප්‍රධානියා ඇවිත් පළවෙනි දවසේ බැසිල් සහ ආටිගල යන අය මුණගැහිලා තිබුණා.

දෙවැනි දවසේ ජනාධිපතිවරයා, ඔහුගේ ලේකම් සහ උපදේශකවරයා මුණගැහිලා තිබුණා. ඒත් සාමාන්‍යයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග ගිවිසුම අත්සන් කරන්නේ පාර්ශ්ව දෙකක්. එක් පාර්ශ්වයක් තමයි මුදල් ඇමතිවරයා. අනිත් පාර්ශ්වය තමයි මහ බැංකුවේ අධිපතිවරයා. අයි.එම්.එෆ්. එකේ අය මහබැංකු අධිපතිවරයාව මුණගැහිලාවත් නෑ.

මේ ප්‍රශ්නයට හේතු පිළිබඳ අභ්‍යන්තර මතභේදයක් පටන්ගෙන තිබෙනවා. දැන් කට්ටිය වෙන වෙන පුද්ගලයන්ට මේ හේතු පටවන්න හදන නිසා ඇතුලේ අර්බුදය දැවැන්ත ලෙස වර්ධනය වෙලා තිබෙනවා. ඊයේ වන විට සමාජ මාධ්‍යවල දැක්ක දේ තමයි නිවාඩ් කබ්රාල්ව ගෙදර යවන්න රාජපක්ෂ පවුල තීරණය කරලා කියලා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ජනාධිපතිවරයාට කාරණා 06ක් කියලා තිබෙනවා. 2019 අත්තනෝමතික ලෙස බදු කපා හැරීම නිසා තමයි මෙහි මූලිකම හේතුව. දෙවැනි හේතුව තමයි ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳ පොළට අපිට තිබුණු අවකාශය සම්පූර්ණයෙන්ම වැහිලා තිබෙනවා. තුන්වෙනි හේතුව තමයි විදේශ විනිමය හා සංචිත පාලනය කිරීම අන්තිමයි.

ඒ නිසා තමයි ණය ගෙවා ගන්න සල්ලි නැත්තේ. හතර වැනි එක තමයි අති විශාල අයවැය පරතරය. පස්වෙනි කාරණය තමයි මේ රට කෙරෙහි තිබෙන විශ්වාසය සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටිලා කියනවා. අන්තිම එක තමයි මේ උද්ධමනය පාලනය කර ගන්න බැරිවෙලා තිබෙන කාරණය.

ඉතින් මේ රටේ කවදාවත් කරපු නැති දේවල් ගැන අපි හිතලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අපි දේශීය විදේශීය ආචාර්ය, මහාරචාර්යවරු සමග විශාල වශයෙන් කතා කරලා තිබෙනවා. අපි විශාල වැඩපිළිවෙළක් දියත් කරලා තිබෙනවා. එහි පළවෙනි පියවර ලෙස එළඹෙන සතියේ පළවෙනි කණ්ඩායම සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.

සරලවම කියනවා නම් 2019 අත්තනෝමතික ලෙස මේ ආණ්ඩුව බදු කපා හැරියා. අවම වශයෙන් අවුරුද්දකට රුපියල් බිලියන 500-600ත් අතර ප්‍රමාණයක් ගිලිහිලා ගියා භාණ්ඩාගාරයට ලැබිය යුතු ආදායම. ඒ අනුව විශාල පරතරයක් ඇති වුණා.

ඒ පරතරය පුරවන්න නූතන මුදල් න්‍යාය කියන එක නිවැරදිව අර්ථකථනය කරන්නේ නැතිව ඒක ක්‍රියාත්මක කළා. ඒකෙන් කිව්වේ සල්ලි අච්චු ගහලා මේ හිඟය පියවන්න පුළුවන් කියලා. ඉතින් සල්ලි අච්චු ගැහුවා. මේ අය ආණ්ඩුවට එනකොට සල්ලි අච්චුගහලා තිබුණේ රුපියල් බිලියන 75ක් විතර.

අද වන විට අච්චුගහපු මුදල රුපියල් බිලියන 1,535ට වගේ වැඩිවෙලා තිබෙනවා. ඒ කියන්නේ රුපියල් ට්‍රිලියන එකහමාරක් වගේ අච්චු ගහලා තිබෙනවා. මේ නිසා 42%කින් පමණ මුදල් ප්‍රමාණය වැඩිවෙලා තිබෙනවා. මුදල් වැඩි වන විට නිෂ්පාදනය හිරවෙලා තිබෙනවා. ඒකෙන් බඩුමිල වැඩිවෙනවා. ඊයේ පෙරේදා අපි දැක්කා රුපියල් බිලියන 100ට වඩා සිකුරාදා ඉදන් අද වන විට අච්චු ගහලා තිබෙනවා”

RECENT ARTICLES - SINHALA

සිරිපාල ශ්‍රීලනිපයට වැඩබලන මහලේකම් කෙනෙක් පත්කරලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන මහලේකම්වරයා ලෙස දුමින්ද දිසානායක මහතා පත්කරගෙන තිබෙනවා. එම පක්ෂයේ අද (25) පැවති දේශපාලන මණ්ඩල රැස්වීමකදී මෙම තීරණය ගෙන තිබෙන...

ගෝඨාභයගෙන් කාදිනල් හිමිට පිළිතුරු

පාස්කු ඉරිදා ප්‍රහාරයට වසර 5ක් පිරීම නිමිත්තෙන් පසුගිය 21 වැනිදා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ පැවති පැවති සැමරුමකදී අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් තමාට...

දුම්රිය සාමාන්‍යාධිකාරී තනතුරේ වැඩ බලන්න අලුත් කෙනෙක්

දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරේ වැඩ කටයුතු ආවරණය කිරීම සඳහා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) එස්.එස් මුදලිගේ මහතා පත්කර තිබෙනවා. දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...