27 C
Colombo
Wednesday, April 17, 2024

ගෝඨාභය වෙනුවෙන් හෑෂ්ටැග් යුද්ධයක්

- Advertisement -

මේ වන විට ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වය මධ්‍යයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය තුළ හෑෂ්ටැග් දෙකක් තරඟකාරී ලෙස පැතිරෙමින් පවතිනවා.

ඒ අනුව #GoHomeGota හෑෂ්ටැගය මීට දින කිහිපයක පටන් ක්‍රියාත්මක වන අතර ට්විටර් හා ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළ එමගින් බලකෙරුණේ ජනාධිපති ගෝඨාභය මහතාට බලය අතහැර යළිත් ඇමරිකාව වෙතම යන ලෙසයි.

එම හෑෂ්ටැගය භාවිතා කරමින් ඇතැමෙක් ජනාධිපතිවරයාගේ පුත් මනෝජ් රාජපක්ෂ අමතමින් සටහන් කර තිබුණේ සිය පියාව යළිත් ඇමරිකාවේ ඇති ඔවුන්ගේ නිවස වෙත කැඳවා ගන්නා ලෙසයි.

කෙසේ වෙතත් මීට ප්‍රතිචාර දක්වමින් ආණ්ඩුවට හිතවත් සමාජ ක්‍රියාකාරීන්ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දක්වන හෑෂ්ටැගයක් නිර්මාණය කර තිබෙනවා.

#WeAreWithGota හෑෂ්ටැගය යටතේ ඔවුන් පවසන්නේ ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය විසඳීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හැකි බවයි.

මෙම හෑෂ්ටැගය ප්‍රසිද්ධියට පත්කරන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මිලින්ද රාජපක්ෂ මහතා පවසන්නේ රට මුහුණ දී ඇති බරපතලම ආර්ථික අර්බුදය අප රටට පමණක් නොව මුළු ලෝකයම මුහුණ දෙන අර්බුදයක් බවයි.

කෙසේවෙතත් පවත්නා දැඩි ආර්ථික හා සමාජීය අර්බුදය යටතේ එළැඹෙන 16 වන බදාදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය ඇමතීමට නියමිතයි.


https://www.news19.lk/we-do-not-have-a-national-government-what-the-hell-is-this-minister-amaraweera/

RECENT ARTICLES - SINHALA

අධ්‍යාපන ඇමති සුසිල් චිකාගෝ ගිහින්

ඇමරිකාවේ සංචාරයක නිරත අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා චිකාගෝහි පිහිටි ඉලිනොයිස් සරසවියේ නිරීක්ෂණ චාරිකාවකට එක්ව තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ එහිදී එම සරසවියේ සෞඛ්‍ය සහ...

කොත්තු රොටියට රු 1900ක් ඉල්ලූ කෑම කඩේ මුදලාලි අත්අඩංගුවට

කොළඹ Street Food අලෙවි සැලකදී රුපියල් 1,900කට කොත්තු රොටියක් අලෙවි කිරීම සහ එය ප්‍රතික්ෂේප කිරීමේදී විදේශිකයෙකුට අඩත්තේට්ටම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙක් පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ආහාර...

සර්වෝදය නිර්මාතෘ ඒ.ටී. ආරියරත්න අභාවප්‍රාප්ත වෙයි

සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ, ආචාර්ය ඒ. ටී. ආරියරත්න මහතා අද (16) පස්වරුවේ කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී තිබෙනවා මියයන විට ඒ මහතා 92 වැනි වියේ පසුවුණා. 1931...

POPULAR ARTICLES

‘ඔකපතන’ විදුහලට වැඩ වරදියි

අවුරුදු ගීතයක් විකෘති කර, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කිරීම පිළිබඳව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් මත...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

ප්‍රතිප්‍රහාර එපා, ඉරානය යළිත් අනතුරු අඟවයි

මැද පෙරදිග යුද ගැටුම් තවදුරටත් තීව්‍ර කරමින් ඉරානය විසින් ඊයේ (13) රාත්‍රියේදී ඊශ්‍රායලය වෙත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කර තිබුණා. මේ අතර මෙම...