30.6 C
Colombo
Sunday, July 13, 2025

ගාලු පෝර්ට් සිටි ව්‍යාපෘති සැලැස්ම අපි පිළිගන්නේ නැහැ – රත්න ගමනේ

- Advertisement -

ශ්‍රී ලංකා වරාය අධිකාරිය මඟින් ක්‍රියාත්මක කිරීමට යෝජිත ගාල්ල වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සිදුකරන මුහුදු ගොඩකිරීම පිළිබඳ සැලැස්ම රජය පිළිනොගන්නා බව ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසනවා.

ගාල්ල ධීවර වරායේ නිරීක්ෂණ චාරිකාවකින් පසු මේ පිළිබඳ මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ගාල්ල වරාය නගර සංවර්ධන සැලැසුම පසුගිය රජය කාලයේ ඇමතිවරුන් විසින් යෝජනා කළ එකක් බවත් එම සැලැස්ම නව රජය විසින් නොපිළිගන්න බවත් රත්න ගමගේ මහතා මෙහිදී පවසා තිබෙනවා.

“ගාල්ල වරාය නගර සංවර්ධන සැලැසුම පසුගිය රජය කාලයේ මේ පළාතේ හිටපු ඇමතිවරු හදලා තිබුණු එකක්. එම සැලැස්ම අපි පිළිගන්නේ නැහැ. ඒක අපි හදපු එකක් නෙවෙයි. ගාල්ල වරායේ සිට රූමස්සල දක්වා සංවේදී ප්‍රදේශය ගොඩකරන්න තමයි මෙම ව්‍යාපෘතිය හදලා තියෙන්නේ. මේක පිස්සුවක්. හිසේ අමාරුවක් වගේ වැඩක්.

මේ ව්‍යාපෘතිය සඳහා කොහෙන් හරි මුදල් එන්න ඇති. මුදල් එන කාලයේ මෙකී ව්‍යාපෘතිය සැලසුම් කිරීමට වියදම් කරන්න ඇති. අපේ රජය මගින් කාල බීලා හෝටල්වල ඉඳලා හදපු මෙවැනි සැලසුම් පැත්තකට දමනවා. වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිවලින් වූ විනාශය අපි දන්නවා”

RECENT ARTICLES - SINHALA

තෙල් සේවකයින් 3750කුත් එළියට දැමිමේ සුදානමක් – ආනන්ද පාලිත 

විදුලි බිල සහ ඉන්ධන මිල ගණන් අඩුකිරීමට අවස්ථාව තිබියදීත් රජය හිතාමතාම මේ මිල ගණන් ඉහළ මට්ටමක පවත්වාගෙන යාම තුළ, අධික වියදම් දරාගැනීමට නොහැකිව කර්මාන්තශාලා...

පියුමිගෙ පුතාට ඇප දීලා

අත්අඩංගුවට ගත් පියුමි හංසමාලිගේ පුත්‍රයා ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැර තිබෙනවා. ඒ අද (13) වැඩබලන අතිරේක මහේස්ත්‍රාත් අංක 07 වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.  රාජගිරිය...

ලංකාව සහ චීනය සහයෝගීතාව තර කරගැනීමට එකඟතා

මැලේසියාවේ පැවැති විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම්වලට සමගාමීව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා අතර...

POPULAR ARTICLES