27 C
Colombo
Wednesday, April 23, 2025

ආණ්ඩුව දෙන හොරිකඩ දීමනාව හකුල ගන්න ඕන- ස්ටාලින් (වීඩියෝ)

- Advertisement -

වැඩ කරන ජනතාවගේ ඉල්ලිම් ලබාදීම වෙනුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රැකියාවට පැමිණි අය සඳහා වැටුප් වර්ධක හා ප්‍රසංශා සහතික ලබා දෙන බව ලංකා ගුරු සේවා සංගමයේ සභාපති ජෝසප් ස්ටාලින් මහතා චෝදනා කළා.

කොළඹ දී අද (10) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ස්ටාලින් මහතා මේ බව පවසා සිටියා .

එහිදි අදහස් දක්වමින් ස්ටාලින් මහතා කියා සිටියේ ගුරු විදුහල්පති සංගමය විසින් ගත් තීරණයක් මත ඊයේ දිනයේ සමාන්‍ය පෙළ විභායේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා සෞන්දර්ය ගුරුවරුන් සහාභාගී වූ බවයි.

එලෙස සහභාගී වූ ගුරුවරුන් මෙම වරදාන වරප්‍රසාද තමන් උදෙසා ලබා දෙන්නේ දැයි විමසා සිටින බවත් වරදාන වරප්‍රසාද බලාපොරොත්තු වෙනුවෙන් ඔවුන් පාසල් වෙත නොගිය බවත් ස්ටාලින් මහතා පැවසුවා.

දරුවන් වෙනුවෙන් ඔවුන් පාසලට ගිය බවත් එලෙස ගිය ගුරුවරුන්ට වරදාන වරප්‍රසාද ලබාදිමට කතා කිරිම විහිලුවට කරුණක් බවත් ස්ටාලින් මහතා පවසා සිටියා.

රනිල් රාජපක්ෂ ආණ්ඩුව විසින් තමාට පක්ෂ අයට මෙලෙස වරදාන වරප්‍රසාද ලබා දෙන බවත් මෙය විහිලු ආණ්ඩුවක් බවත් ස්ටාලින් මහතා සඳහන් කළා.

ආණ්ඩුව ලබා දෙන මෙම හොරිකඩ දීමනාව වහාම වළක්වන එක අද දිනයේ සියලු වෘත්තිය සමිති තීරණය කල බව ඔහු පවසා සිටියා.

” මේ ලෑස්ති වෙන්නෙ සාමාන්‍යයෙන් තමන්ගෙ පැවැත්ම වෙනුවෙන් තමන්ට ආවඩන අයට යම්කිසි විදියකට සහන දෙන්න.අපි දැක්කා ඔය ක්‍රියාවලිය 1980 වැඩ වර්ජනය වෙලාවෙත් ඕක කලා.හැබැයි වැඩ වර්ජයකට අන්තිමට වැටුප් දෙන්න වුණා.”

RECENT ARTICLES - SINHALA

දළදා වදින්න එන අය අඳුරගන්න ස්ටිකරයක්

'සිරි දළදා වන්දනාව' සඳහා මහනුවරට පැමිණ පෝලිමේ සිටින සැදැහැවතුන් හඳුනාගැනීම සඳහා විශේෂ ලාංඡනයක් ලබාදීමට පොලීසිය තීරණය කර තිබෙනවා. අද (23) රාත්‍රියේ සිටම මෙය ක්‍රියාත්මක කරනු...

තීරු බදු සාකච්ඡා සාර්ථකයි – අනුර

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති 'ඉහළ තීරුබදු' සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡා සාර්ථක වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයම ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට...

ටින් එක ගැන දැනුවත් කිරිමක්

තැන්පතු මුදල්  මත අයකෙරෙන රඳවා ගැනීමේ බද්දෙන් සහනය ලබාගැනීම සඳහා බැංකු හා මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කළ යුතු ස්වයං ප්‍රකාශන, තමන්ට ටින් අංකයක් නොමැති...

POPULAR ARTICLES