32 C
Colombo
Friday, March 29, 2024

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් ලොතරැයියට ගෝඨා අයඳුම් කරලා

- Advertisement -

ජනතා විරෝධය හමුවේ රටින් පලාගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යළි ඇමරිකාවේ පදිංචියට යාමට ඇමරිකානු ග්‍රීන් කාඩ් ලොතරැයියේ සහය පතන බවට ඩේලි මිරර් පුවත්පත වාර්තා කරනවා.

ජනපතිවයාගේ බිරිඳවන අයෝමා රාජපක්ෂ තවමත් ඇමරිකානු පුරවැසිභාවය යටතේ සිටින හෙයින් හිටපු ජනපතිවරයාටද ග්‍රීන්කාඩ් ලොතරැයිය ආධාරයෙන් යළිත් ඇමරිකාවේ පදිංචියට යාමට හැකි බවයි වාර්තා වන්නේ.

ඒ සඳහා ඔහු අයදුම් කිරීමට සුදුසුකම් ලබා ඇති බැවින් එක්සත් ජනපදයේ සිටින ඔහුගේ නීතීඥයින් මේ සඳහා වන අයදුම් කිරීමේ ක්‍රියා පටිපාටිය පසුගිය මාසයේ සිට ආරම්භ කර ඇති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරන බව ඩේලි මිරර් පුවත්පත වැඩිදුරටත් වාර්තා කරනවා.

මේ වන විට සිය බිරිඳ සමඟ තායිලන්තයේ හෝටලයක සිටින හිටපු ජනාධිපතිවරයා අවම වශයෙන් නොවැම්බර් මාසය දක්වා තායිලන්තයේ රැඳී සිටීමට අපේක්ෂා කරන බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් කුප්‍රකට මිග් ගණුදෙණුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (17) පැමිණි රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කළේ එළැඹෙන 25 වැනිදා ගෝඨාභය රාජපක්ෂ මහතා යළිත් දිවයිනට පැමිණෙන බවට තමන්ට දුරකතන මාර්ගයෙන් දැනුම්දුන් බවයි.

RECENT ARTICLES - SINHALA

වතුපාසල් සඳහා ගුරු සහායක පත්වීම් 2,535ක්

ඉදිරි සති කිහිපය ඇතුළත වතු පාසල් සඳහා ගුරු සහායකින් 2,535ක් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය පළ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය...

Breaking: ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට

0
ජාතික හා ආගමික සංහිඳියාවට හානි සිදු වන ආකාරයෙන්, ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරුවී 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් ලැබූ ගලබොඩ අත්තේ...

ශ්‍රී පාද වන්දනාවේ ගිය විදේශිකයෙක් ප්‍රපාතයකට වැටිලා

රත්නපුර - ශ්‍රී පාද මාර්ගයේ ඇහැලකණුව ප්‍රදේශයේදී ආරක්ෂිත වැටෙන් මිටර් 100ක පමණ ප්‍රපාතයට විදෙස් ජාතිකයෙක් ඇද වැටී තිබෙනවා. ඉන්දීය ජාතිකයෙකු වූ අදාළ විදේශිකයා පසුව...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...