25 C
Colombo
Wednesday, March 19, 2025

ග්‍රාම නිලධාරීන් හෙට වෘත්තිය ක්‍රියාමාර්ගයක

- Advertisement -

ග්‍රාම නිලදාරිනියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ගැටලු හේතුවෙන් හෙට මධ්‍යම රාත්‍රී 12 සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරි සංගමය පවසනවා.

ඒ අනුව, එම සංගමය රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් දැනුම්දී ඇත්තේ රාත්‍රියේදී යෙදෙන ආපදා, මරණ ඇතුලු සියලු රාජකාරි වලින් ඉවත් වන බවයි.

අනාරක්ෂිත හා ජන ශුන්‍ය ප්‍රදේශ වල පවත්වා ගෙන යන කාර්යාල වසා දැමීම හා තම ආරක්ෂාව තහවුරු වන ස්ථානයක සිට කාර්‌යාල කටයුතු සිදු කිරීම මෙන්ම පස්වරු 01 දක්වා පමණක් කාර්යාලයේ රැඳී සිටීම එම වෘත්තීය ක්‍රියාමාර්ගවලට ඇතුළත්.

මෙම වෘත්තීය ක්‍රියා මාර්ගය ගනු ලබන්නේ ග්‍රාම නිලධාරිනියන්ගේ ජීවිත ආරක්ෂාව සඳහා කඩිනම් විසදුම් ලබා ගැනීම සදහා බැවින්, ඊට කඩිනම් විසදුම් ලබාදෙන තෙක් සියලු ග්‍රාම නිලධාරීන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා සම්බන්ධ වන බව ද ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරි සංගමය වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

දේශබන්දු අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට 

රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙනගොස් තිබෙනවා. දේශබන්දු තෙන්නකෝන් එහි සාමාන්‍ය වාට්ටුවක රඳවා ඇති බව‍යි වාර්තා වෙන්නේ. අධිකරණයෙන් සැඟවී දින...

රුපියල් මිලියන 3.8කට වැඩි කීරි සම්බා තොගයක් රාජසන්තක කෙරේ

පිටකොටුවේ වෙළෙඳසැලක තිබූ රුපියල් මිලියන 3.8 කට අධික වටිනාකමින් යුත් සහල් තොගයක් රාජසන්තක කර තිබෙනවා. පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සඳහන් කළේ, වෙළෙදසැලේ සඟවා තබාගෙන සිටි...

දේශබන්දුගෙ බිරිඳගෙන් පැමිණිල්ලක්

සෝදිසි වරෙන්තුවක් නොමැතිව හෝකන්දර නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නිවස පරීක්ෂා කළ බවට ඔහුගේ බිරිඳ විසින් අතුරුගිරිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඊයේ (18)...

POPULAR ARTICLES