31 C
Colombo
Thursday, April 18, 2024

වසර 30කට පසු ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

- Advertisement -

ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවති තරඟ 5කින් සමන්විත එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාව සතුවුණා.

තරගාවලියේ අද පැවති සිව්වැනි එක්දින තරගය ලකුණු 4කින් ජයගැනීමත් සමඟ තවත් තරඟයක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට හිමිවුණා.

ඔස්ට්‍රේලියා කණ්ඩායමට සියලුදෙනා දැවී රැස්කර ගතහැකිවූයේ ලකුණු 254ක් පමණයි.

ඔස්ට්‍රේලියා කණ්ඩායම එක්දින ක්‍රිකට් තරගාවලියක් ශ්‍රී ලංකාවේදී මෙලෙස පරාජයට පත්වූයේ වසර 30කට පසුවයි.

අවසන් පන්දුවාරය භාරධුර වගකීම සිය කර මතට ගත් නායක දසුන් ශානක විසින් එම පන්දුවාරයේ අවසන් පන්දුවට Kuhnemann දවාගනිමින් මෙම සුවිශේෂී ජයග්‍රහණය ශ්‍රී ලංකාව වෙත හිමිකරදීමට සමත්වුණා.

තරගය උඩුයටිකුරු කළ කඩුල්ල ලෙස ඩේවිඩ් වෝනර් ස්ටම්ප් කිරීමකට හසුකර ගැනීමෙන් තරගය නරඹන්නෙක් බවට පත්කිරීමට දික්වැල්ල සමත්වුණා.

ධනංජයද සිල්වා යොමුකළ පන්දුවක් හමුවේ ඩේවිඩ් වෝනර් දැවීයාමත් සමඟ තරගයේ වාසිය යළි ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවුණා.

ධනංජය ද සිල්වා පන්දුවාර 10 අවසානයේ ලකුණු 39කට කඩුලු 2ක් දවාගැනීමට සමත්වුණා.

ජෙෆ්රි වැන්ඩසේ කඩුලු 2ක් දවාගත්තා.

නායක ෆින්ච් හට ලකුණු රැස් නොකරම නැවත ක්‍රීඩාගාරය වෙතට යාමට සිදුවූයේ චාමික කරුණාරත්නගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙන්.

චාමික කරුණාරත්න පන්දුවාර 5කදී ලකුණු 19කට කඩුලු 2ක් දවාගැනීමට සමත්වුණා.

ලකුණු 26ක් රැස්කර සිටි Mitchell Marsh වෙල්ලාලගේ යොමුකළ පන්දුවක් හමුවේ ධනංජය ද සිල්වා වෙත උඩපන්දුවක් ලබාදෙමින් දැවී ගියා.

මේ අතර අද තරගයේ බොහෝදෙනෙකුගේ අවධානය යොමුවූ සිදුවීමක් වූයේ මැක්ස්වෙල්ගේ දැවීයාමයි.

එහිදී මහීෂ් තීක්ෂණ යොමුකළ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවී ඔහු දැවී ගියා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරතවූ ශ්‍රී ලංකා පන්දු යවන්නන් වන මහීෂ් තීක්ෂණ, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ සහ දසුන් ශානක එක් කඩුල්ල බැගින් දවාගැනීමට සමත්නවුණා.

තරඟයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 258ක් රැස්කර ගැනීමට සමත්වුුු.ණා

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක පන්දු 106කදී ලකුණු 110ක් රැස්කරගැනීමට සමත්වුුුණා.

ඔහුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 10ක් ඇතුලත්.

ධනංජය ද සිල්වා පන්දු 61කදී ලකුණු 60ක් රැස්කරගැනීමට සමත්වුුුණා.

ඔහුගේ ඉනිමට හතරේ පහර 7ක් ඇතුලත්.

මෙහිදී පන්දු 8කට පමණක් මුහුණදී සිටි ශ්‍රී ලංකා නායක දසුන් ශානක අවාසනාවන්ත ලෙස දුවද්දී දැවීයාමකට හසුවී නැවත ක්‍රීඩාගාරයට ගමන්කිරීමට සිදුවුුුණා.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරත වූ Mitchell Marsh, Matthew Kuhnemann සහ Pat Cummins කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්වුුුණා.

RECENT ARTICLES - SINHALA

පරිසරයට හානි කරනවානම් මේ අංකයට කියන්න

පාරිසරික වැරදි සම්බන්ධව යම් තොරතුරක් වෙතොත් 1997 හෝ 1981 යන කෙටි දුරකථන අංක ඔස්සේ දැනුවත් කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පරිසරය විනාශ කිරීම් සම්බන්ධව...

අවුරුදු ගීතය නිසා සුරාබදු නියාමකගේ වැඩ තහනම්

ගායන ශිල්පී රෝහණ බැද්දගේ මහතාගේ අවුරුදු ගීතයක් විකෘති කළ බවට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකළ සුරාබදු නියාමකවරයාගේ වැඩ තහනම් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව ඊයේ (17)...

කැබ් – ලොරි අනතුරින් හතරක් රෝහලට

හොරණ - අඟුරුවාතොට ප්‍රධාන මාර්ගයේ බැල්ලපිටිය පාසල ඉදිරිපිට අද (18) කැබ්රථයක් සහ ඩිමෝ බට්ටා සැහැල්ලු ලොරි රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරින් පුද්ගලයින් හතර දෙනකු තුවාල ලබා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...