32 C
Colombo
Friday, March 29, 2024

පැතුම් කුසල්ගේ වාර්තාගත සම්බන්ධතාවය හමුවේ කැන්ගරුවන් පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

- Advertisement -

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති තෙවන එක්දින තරගය කඩුළු 6කින් ජයග්‍රාහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් විසින් දියත් කළ අගනා පිතිහරඹය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම තරගය ජයග්‍රාහණය කළේ වාර්තා රැසක් අලුත් කරමින්.

ආර්.ප්‍රේමදාස පිටියේ පැවති තරගයේ කාසිය වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

එහිදී නියමිත පන්දුවාර 50 තුළදී කඩුළු 06ක් දැවී ලකුණු 291ක් ලබා ගැනීමට සමත් වුණා.

එහිදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ට්‍රවිස් හෙඩ් ලකුණු 70ක් ලබාගනිමින් ඉනීමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වුණා.

ලකුණු 292ක් දැවැන්ත ඉලක්කයක් හඹායාමට පිටියට පැමිණි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය වූ නිරෝෂන් දික්වැල්ල සහ පැතුම් නිස්සංක පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 42ක සබඳතාවයක් ගොඩනැගුවා.

නිරෝෂන් දික්වැල්ල පන්දු 26ක් තුළදී ලකුණු 25ක් ලබාගැනීමට සමත් වුණා.

අනතුරුව පැතුම් සමඟ පිටියේ එක්වූ කුසල් මෙන්ඩිස් දෙවන කඩුල්ල සඳහා වාර්තාගත ලකුණු 170ක සබඳතාවයක් පවත්වමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහණයේ මාවතට රැගෙන ගියා.

ඔවුන් දෙදෙනා එක්ව පිහිටවූ ලකුණු 170ක සම්බන්ධතාවය සටහන් වූයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව දෙවන කඩුල්ල සඳහා ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙකු ගොඩනැගු හොඳම සම්බන්ධතාවය ලෙසයි.

කෙසේ වෙතත් පන්දු 85ක් තුළ 04 පහර 08ක් සමගින් වේගවත් ලකුණු 87ක් ‍රැස්කළ කුසල් මෙන්ඩිස් පිතිකරණයේ නිරතවෙමින් සිටි අතරතුර ඇතිවූ ආබාධ තත්ත්වයක් හේතුවෙන් පිටියෙන් ඉවත්වුණා.

අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රාහණයේ නියමුවා වූ පැතුම් නිස්සංක සිය මංගල එක්දින ශතකය වාර්තා කරමින් පන්දු 147ක් තුළ 04 පහර 11ක් සහ 06 පහර 02ක් සමගින් ලකුණු 137ක් ලබාගැනීමට සමත් වුණා.

පැතුම් විසින් එලෙස බිඳ හෙළනු ලැබුවේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා පිතිකරුවෙකු එක්දින තරගයකදී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස සනත් ජයසූරිය තබා තිබු ලකුණු 122 වාර්තාවයි.

පන්දුවාර 48.3ක් තුළ කඩුළු 04ක් දැවී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 292ක් ලබාගනිමින් ජයග්‍රාහි ඉලක්කය පසුකර ගියා.

එම ලකුණු සංඛ්‍යාව වාර්තා අතරට ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදි කිසියම් කණ්ඩායමක් එක්දින තරගයකදි හඹා ගොස් ජයග්‍රාහණය කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

RECENT ARTICLES - SINHALA

Breaking: ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට

0
ජාතික හා ආගමික සංහිඳියාවට හානි සිදු වන ආකාරයෙන්, ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරුවී 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් ලැබූ ගලබොඩ අත්තේ...

ශ්‍රී පාද වන්දනාවේ ගිය විදේශිකයෙක් ප්‍රපාතයකට වැටිලා

රත්නපුර - ශ්‍රී පාද මාර්ගයේ ඇහැලකණුව ප්‍රදේශයේදී ආරක්ෂිත වැටෙන් මිටර් 100ක පමණ ප්‍රපාතයට විදෙස් ජාතිකයෙක් ඇද වැටී තිබෙනවා. ඉන්දීය ජාතිකයෙකු වූ අදාළ විදේශිකයා පසුව...

අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් දෙන්නෙක් පැනල ගිහින්

අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිරකඳවුරෙහි මහජනතාවට විවෘත කර ඇති ආපනශාලාවේ සේවය කළ සිරකරුවන් දෙදෙනෙකු අද (29) දහවල් එම ස්ථානයෙන් පළා ගොස් තිබෙනවා. බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...