25 C
Colombo
Thursday, January 16, 2025

නවසීලන්තයට සුපිරි ජයක්

- Advertisement -

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා නවසීලන්තය අතර අද (30) පැවැති දෙවන 20යි 20 තරගය ලකුණු 45කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ අතර ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව, පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 5ක් දැවී ලකුණු 186ක් රැස්කිරීමට සමත් වුණා.

නවසීලන්ත පිල වෙනුවෙන් වැඩිම ලකුණුලාභියා වූ මාක් චැප්මන් ලකුණු 42ක් ලබා ගැනීමට සමත් වූ අතර ටිම් රොබින්සන් හා මිචෙල් හේ ලකුණු 41ක බැගින් ලබාගත්තා.

පන්දු යැවීමේ දී වනිඳු හසරංග කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුණා.

මීට අමතරව නුවන් තුෂාර සහ මතීෂ පතිරණ අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ලකුණු 187ක ජයග්‍රාහි ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19යි එක් පන්දුයක් අවසානයේ සියලුදෙනා දැවි රැස්කර ගත හැකි වූයේ ලකුණු 141ක් පමණයි.

ඒ අනුව, තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී තරග තුනකකින් සමන්විත 20යි 20 තරගාවලිය ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්වුණා.

RECENT ARTICLES - SINHALA

නොච්චියාගම අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙක් මරුට

නොච්චියාගම ගාලදිවුල්වැව ප්‍රදේශයේ අද (16) පස්වරුවේ සිදු වූ අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලිසිය පවසනවා. පොලිසිය...

Breaking: එක ගෙයි කන්න සාකච්ඡා

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීම සඳහා සාකච්ඡා කිරීමේ යෝජනාවට සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම සාකච්ඡා සඳහා සමගි...

එකතුවෙනවා නම් වෙන්න ඕන හදවතින්

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එකතු වීම අවශ්‍යම දෙයක් වුවත් එය සිදුවිය යුත්තේ දෙපාර්ශවයේම ගෞරවය ආරක්ෂා වන පරිදි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ...

POPULAR ARTICLES