32 C
Colombo
Friday, April 19, 2024

ඕස්ට්‍රේලියාවට එරෙහිව ප්‍රංශයෙන් විශිෂ්ට ජයක්

- Advertisement -

ඕස්ට්‍රෙලියාව සමග පැවති තරගයෙන් ගෝල 4 -1 ක විශිෂ්ට ජයක් ලැබීමට වත්මන් ලෝක ශූර ප්‍රංශය Al-Janoub ක්‍රීඩාංගනයේදී සමත් වුණා.

ප්‍රංශය මෙම තරගයට පිවිසියේ තමන් සතු වටිනාම අවිය වූ බැලන් ඩි‘ඕ සම්මානලාභී Karim Benzema නොමැතිවයි.
ඒ පසුගිය සෙනසුරාදා පැවති පුහුණු සැසියක් අතරතුර ආබාධයකට ලක් වීම හේතුවෙන්.

Craig Goodwin තරගයේ 9 වැනි මිනිත්තුවේදි ලබා ගත් ගෝලයත් සමග ලොව පුරා ප්‍රංශුවන්ගේ හදවත් මොහොකට නතර කළා.

නමුත් ලෝක ශූර තමන්ට අභියෝග කරන්නට තවත් සවිමත් විය යුතු බව පසක් කරමින් Adrien Rabiot සහ Olivier Giroud මිනිත්තු පහක් තුල ගෝල දෙකක් ලබා ගනිමින් පළමු අර්ධයේ දී ප්‍රංශය 1 -2 ක් ලෙස පෙරමුණට රැගෙන ආවා.

දෙවන අර්ධයේදී තම දෙපයේ විශිෂ්ටත්වය යළිත් ලොවට පසක් කළ Kylian Mbappe තරගයේ 68 වැනි මිනිත්තුවේදී ගෝලයක් ලබා ගනිමින් තරගය තුල ප්‍රංශය වඩාත් ස්ථාවර කළා

ඉන් මිනිත්තු තුනක් ඉක්ම යන්නට පෙර තරගය තුල තම දෙවැනි ගෝලයත් වාර්තා කළ Giroud ප්‍රංශය වෙනුවෙන් වැඩිම ගෝල රැස් කළ Thierry Henryගේ ගෝල 51ක වාර්තාව සම කරන්නට සමත් වුණා.

ඒ අනුව නියමිත කාලය අවසන වන විට ගෝල 4 – 1ක ජයක් ප්‍රංශය නමින් ලියැවී තිබුණා.


RECENT ARTICLES - SINHALA

අපරාධ කරලා හැංගිලා ඉන්න පුළුවන් සංස්කෘතිය වෙනස් කරන්න ඕනෑ – සිරිල් ගාමිණී පියතුමා

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අධ්‍යයනය කර සොයාගත් තොරතුරු රැසක් මුලාශ්‍ර සහිතව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ බව සිරිල් ගාමිණී පියතුමන් පවසනවා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට...

මුහුද මැදදී මගී බෝට්ටුවක දරුවෙකු ප්‍රසූත කරයි

යාපනය නාගදීපය ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට...

රැග් එක නවත්තන්න ‘මෛත්‍රී’ මාසයක්

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කීරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. උසස්...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...