නැගෙනහිර මධ්‍යධරණී මුහුදේ බලය සම්බන්ධයෙන් පැවති තරඟයේ දී තුර්කිය පරයා ඉදිරියට පැමිණීමට ග්‍රීසිය සමත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මීට හේතුවී ඇත්තේ නැගෙනහිර මධ්‍යධරණී මුහුදේ බාහිර බලපෑම්වලට එරෙහිව කටයුතු කිරීමේ දී ප්‍රංශය සහ ග්‍රීසිය ඒකාබද්ධව කටයුතු කිරීමට එකගතාවයක් ඇති කර ගැනීමයි.
මෙහිදී ප්‍රංශය විසින් ග්‍රීසියේ නාවික ශක්තිය වර්ධනය කිරීම සදහා අවශ්‍ය නාවික උපකරණ ලබාදීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත බව සදහන් වේ.
නැගෙනහිර මධ්‍යධරණී මුහුදු කලාපයේ බලය සම්බන්ධයෙන් නේටෝ රටවල් දෙකක් වන තුර්කිය සහ ග්‍රීසිය අතර සීතල යුද්ධයක් පැවති අතර නව එකගතාවයත් සමග කලාපයේ බල අර්බුදයෙන් ඉදිරියට පැමිණීමට ග්‍රීසියට හැකිව ඇති බව විදෙස් විචාරකයෝ සදහන් කරති.