29.5 C
Colombo
Wednesday, July 9, 2025

නව ජනාධිපතිට චීන ජනපතිගෙන් සුබ පැතුම්

- Advertisement -

ශ්‍රී ලංකා නව ජනාධිපති ධුරයට පත් අනුර කුමාර දිසානායක මහතා වෙත චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සුබ පැතුම් පිරිනමා තිබෙනවා.

සුබ පැතුම මගින් චීන ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ චීනය සහ ශ්‍රී ලංකාව සාම්ප්‍රදායික මිත්‍ර අසල්වැසියන් බවයි.

මීට වසර 67 කට පෙර චීනය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කළ දා සිට දෙරට සෑම විටම එකිනෙකා අවබෝධ කර ගනිමින් සහයෝගය ලබා දෙමින් මිත්‍රශීලී සහජීවනය සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාවය සඳහා ලොකු කුඩා රටවලට ආදර්ශයක් සපයා ඇති බවද පෙන්වා දි තිබෙනවා.

චීන-ශ්‍රී ලංකා සබඳතා වර්ධනයට තමන් විශාල වැදගත්කමක් ලබා දෙන බවත් සාම්ප්‍රදායික මිත්‍රත්වය පවත්වා ගැනීමට සහ දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය වැඩි දියුණු කිරීමට ජනපති අනුර කුමාර දිසානායක මහතා සමඟ කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බවත් චීන ජනාධිපතිවරයා පවසනවා.

එසේම, චීනය සහ ශ්‍රී ලංකාව අතර ‘එක් තීරයක් එක් මාවතක්’ උසස් තත්ත්වයේ ඒකාබද්ධව ගොඩනැගීම වඩාත් ඵලදායී ප්‍රතිඵල ලබා ගැනීමටත්, අවංක අන්‍යෝන්‍ය සහයෝගීතාවයෙන් සහ පාරම්පරික මිත්‍රත්වයකින් යුතු චීනය සහ ශ්‍රී ලංකාව අතර ස්ථාවර හා දිගුකාලීන උපායමාර්ගික සහයෝගීතා හවුල්කාරිත්වය ප්‍රවර්ධනය කරමින් දෙරට සඳහා වැඩි ප්‍රතිලාභ ඇති කිරීමටත් අඛණ්ඩව කටයුතු කරන බව චීන ජනාධිපතිවරයා එක්කළ සුබපැතුමේ සඳහන්.

RECENT ARTICLES - SINHALA

අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ අනුකාරක සභාව ප්‍රථමවරට රැස්වෙලා

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් පත්කරන ලද ‘අධ්‍යාපන සභාව’ පිහිටුවීම පිළිබඳ අනු කාරක සභාව ප්‍රථමවරට රැස්වුණා. ඒ...

වතුර පරිස්සමින් පාවිච්චි කරන්න

පවතින වියලි කාලගුණික තත්ත්ව හේතුවෙන් සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය හැකිතාක් දුරට අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉතා කාරුණිකව...

නවකවධය වැළැක්වීමට නිර්දේශ රැසක්

විශ්වවිද්‍යාල තුළ සිදුවන නවකවධය වැළැක්වීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් නිර්දේශ කිහිපයක්   ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව නවකවධය පිළිබඳ සිදුවීම් වාර්තා කිරීම සඳහා පැය...

POPULAR ARTICLES

ඉන්දියාවේ පාලමක් කඩාවැටී පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ පාලමක් කඩාවැටීමෙන් පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වසර 40ක් පැරණි මෙම පාලමෙහි කොටසක් කඩා වැටීමත් සමග ට්‍රක් රථ දෙකක්, මෝටර් රථයක්...