නුවරඑළිය 44 සංගමය විසින් සංවිධානය කරන ලද ග්‍රෙගරි 44 මඩ් චැලේන්ජ් (Gregory’s 4×4 Mud Challenge 2025) තරගාවලිය ඊයේ (20) සාර්ථකව අවසන් වුණා.
කාණ්ඩ හතරක් යටතේ පැවති මෙවර තරඟාවලියට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තරගකරුවන් රැසක් සහභාගී වී තිබුණා.
මෙවර තරඟාවලියේ විශේෂතාවයක් වූයේ, SUV Modified කාණ්ඩය යටතේ රෝවර් බ්‍රදර්ස් (Rover Brothers) නියෝජනය කරමින් තරඟ කළ ගයාන් ලියනආරච්චි සහ උදිත සසංක අඛණ්ඩව තෙවැනි වරටත් එම කාණ්ඩයේ ශුරතාව හිමිකර ගැනීමයි.