ගාසා තීරයට බෝට්ටුවකින් ආධාර රැගෙන ගිය පලස්තීන හිතවාදී සමාජ ක්‍රියාකාරීන් 12 දෙනෙකු පිටුවහල් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව ඊශ්‍රායලය නිවේදනය කර තිබෙනවා.
ඒ අතර සිටි, සමාජ ක්‍රියාකාරිනී ග්‍රේටා තුන්බර්ග්, ප්‍රංශය හරහා ස්වීඩනයට යන ගුවන් යානයකින් පිටත් කර යවා ඇති බව ඊශ්‍රායලය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ, ඇය ඊශ්‍රායලයෙන් පිටත්ව ගියේ පිටුවහල් කිරීමට එකඟ වීමෙන් පසුව බවයි.
කෙසේවෙතත්, නෞකාවේ ගමන්ගත් ප්‍රංශයේ සමාජ ක්‍රියාකාරීන් හය දෙනාගෙන් පස් දෙනෙකු ඔවුන්ගේ පිටුවහල් කිරීමේ නියෝගවලට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඔවුන් ඊශ්‍රායල අධිකරණයක් හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.
Freedom Flotilla Coalition නම් සංවිධානයේ මෙහෙයවීම යටතේ ගාසා තීරය වෙත ආධාර රැගෙන ගමන් ගත් යාත්‍රාවක් ඊශ්‍රායලය ඊයේ (09) සිය ග්‍රහණයට ගනු ලැබුවා.