27.8 C
Colombo
Wednesday, June 25, 2025

සාපෙළ ලියද්දී අසාධාරණයට ලක්වූ සිසුන් පිරිසක් මානව හිමිකම් කොමිසම හමුවට

- Advertisement -

මිනුවන්ගොඩ අල් අමාන් මුස්ලිම් මහා විද්‍යාලයේදී සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අතරතුර අසාධාරණයකට ලක් වූ සිසුන් පිරිසක් අද (20) ප්‍රකාශ ලබාදීම සඳහා මානව හිමිකම් කොමිසමට පැමිණ තිබෙනවා.

පසුගියදා (15) මිනුවන්ගොඩ අල් අමාන් මුස්ලිම් මහා විද්‍යාලයේදී සාමන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් 14 දෙනෙකුට  භූගෝල විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ පළවෙනි පත්‍රය සහ අදාළ සිතියම් ලබා දීම අතපසු වී තිබුණා.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා මානව හිමිකම් කොමිසමට මේ පිළිබඳව පැමිණිල්ලක්ද යොමු කරනු ලැබුවා.

අනතුරුව, මෙම ගැටලුව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා  විභාග කොමසාරිස්වරයාද මානව හිමිකම් කොමිසමට කැඳවා තිබූ අතර මෙයට සමගාමීව අද අල්අමාන් මහා විද්‍යාලයේ භූගෝල විද්‍යාව ප්‍රශ්න පත්‍රයට මුහුණ දුන් ශිෂ්‍යයන්ද අද  මානව හිමිකම් කොමිසමට පැමිණ ප්‍රකාශ ලබා දී තිබෙනවා.

තමන්ට භූගෝල විද්‍යා පළමු පත්‍රය සහ සිතියම ලබා නොදීම නිසා තමා අසාධාරණයට පත් වූ බව මෙම සිසුන් කොමිසම හමුවේ අනාවරණය කර තිබුණා.

මෙම ගැටලුව සම්බන්ධයෙන් සලකා බලා ඉතා කඩිනමින් තමන්ට සාධාරණයක් ඉටුකර දෙන ලෙසද මෙම සිසුන් ඉල්ලා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

ආපහු ඊශ්‍රායලයට යන ලංකිකයින්ට උපදෙස් මාලාවක්

ඉරාන - ඊශ්‍රායල් යුද තත්ත්වය හේතුවෙන් සිවිල් ජනයාට ඒකරාශිවීමට හා උත්සව පැවැත්වීම වෙනුවෙන් පනවා තිබූ තහනම ඉතා ඉක්මනින් අහෝසි කිරීමට කටයුතු යොදමින් තිබෙන බව...

අග්නිදිග විශ්වවිද්‍යාලයේ 22කට පන්ති තහනමක්

අග්නිදිග විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුන් පිරිසකට අමානුෂික අන්දමින් නවකවදය දුන් සිසුන් 22කගේ පන්ති තහනම් කිරීමට එම විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එස්.එම් ජුනයිඩීන් පියවර ගෙන...

අද කාලගුණය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (25) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.  එම දෙපාර්තමේන්තුව සඳහන්...

POPULAR ARTICLES