31 C
Colombo
Wednesday, February 12, 2025

වී සඳහා සහතික මිල ළඟදීම

- Advertisement -

ඉදිරි දින කිහිපයේදී වී සඳහා වූ සහතික මිල ප්‍රකාශයට පත් කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.

අද(01) කුරුණෑගල පැවැති ජනහමුවකට එක්වෙමින් නාමල් කරුණාරත්න මහතා මේ බව සඳහන් කළා.

වී කිලෝවක නිෂ්පාදන වියදමට 30%ක් එකතු කොට ඒ සඳහා මිලක් නියම කිරීමට වූ සටන් පාඨය ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියා.

ඔහු වැඩිහුරටත් පැවසුවේ වීන්ගේ වී අස්වනු සඳහා නිසි මිලක් ලබාගැනීම සඳහා ඉල්ලීම් සිදුකරමින් ආරම්භකළ සටන ඉතිහාසයේ පළමුවරට මෙවර ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබෙන බවයි.

“වීවලට අදළාව අපි සටන් පඨයක් ගෙනවා පසුගිය කාලයේ. වී කිලෝ එකක නිෂ්පාදන වියදමට 30%ක් එකතුකරලා වී කිලෝ එකට මිලක් දෙන්න කියන එක තමයි සටන් පාඨය. ඉතිහාසයේ පළවෙනි වතාවට තව දවස් කිහිපයකින් ඒ සටන් පාඨයට අපි පණපොවනවා. ඒ නිසා මේ වෙනකොට අපේ අමාත්‍යාංශයෙන් ආයතන 05ක් වී කිලෝ එකේ නිෂ්පාදන වියදම ගණන් බලලා තියෙනවා. අපි උපදෙස් දුන්නා ගොවියට දුන්න පොහොර සහනාධාරය ඉවත්කරන්න. නිෂ්පාදන වියදම ගණන් හැදීම සඳහා. ඔබ තනිකරම ඕබේ සල්ලිවලින් පොහොර ගත්තා සේ සලකලා තමයි නිෂ්පාදන වියදම ගණන් බලලා තියෙන්නේ. අන්න ඒ නිෂ්පාදන වියදමට 30%ක් අපි එකතු කරනවා. එකතුකරලා ගොවියාගේ වී කිලෝ එකේ අවම මිල තව දවස් කිහිපයකින් අපි ප්‍රකාශයට පත්කරනවා විතරක් නෙමයි රජයේ ගබඩා විවෘත කරනවා.”

RECENT ARTICLES - SINHALA

අර්චුනා ආයෙත් යකා නටලා

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා පහරදීමක් සිදුකළ බව පවසමින් පුද්ගලයින් දෙදෙනෙකු යාපනය මහ රෝහල වෙත ඇතුළත් වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා...

රාජ්‍ය සේවක අවම වැටුප 20,000කින් වැඩි කරන්න – ජනපතිගෙන් ඉල්ලීමක්

මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයින්ගේ අවම මූලික වැටුප රුපියල් 20,000කින් වැඩි කරන ලෙස රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එම...

යළිත් විදුලි කප්පාදුවක්? තීරණය අද

නවම් පුර පසළොස්වක පොහෝ දිනය යෙදී ඇති අද, විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළා. කෙසේ වෙතත්, නොරොචෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර 3ම...

POPULAR ARTICLES

මැතිව් කුනමන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව ගැන සැකයක්

ඕස්ට්‍රේලියානු ක්‍රීඩක මැතිව් කුනමන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට වාර්තා වීමත් සමග එය නිවැරදි වන තෙක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පන්දු යැවීම ඔහුට අත්හිටුවා...