24 C
Colombo
Sunday, December 10, 2023

බොරු කළ අභිකුණ්ඨක පවුලක් රිමාන්ඩ්

- Advertisement -

විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන දරුවන් දෙදෙනාට මාරක අනතුරු ඇති බව පවසා මුදල් සහ ස්වර්ණාභරන ලබාගෙන පළාගිය තිදෙනෙක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ, පුත්තලම ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ අභිකුණ්ඨක ශාස්ත්‍රකරුවෙකු සහ ශාස්ත්‍රකාරියන් දෙදෙනෙක්.

මොවුන් කොච්චිකඩේ ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරික පවුලක් රවටා යාග හෝම පැවැත්වීම සඳහා මුදලින් රුපියල් ලක්ෂ 11ක් සහ ලක්ෂ 07ක් වටිනා ස්වර්ණාභරණ ලබාගෙන පළා ගිය බවට පොලිසියට ලද පැමිණිල්ලකට අනුවයි අභිකුණ්ඨක ශාස්ත්‍රකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අදාල ධනවත් පවුලේ දියණියන් දෙදෙනාට මාරක අපල ඇති බවට පවසමින් සති දෙකක කාලයක් පුරා නිවසෙහි ශාන්තිකර්මයක්ද සිදු කර ඇති අතර, අභිකුණ්ඨකයින් එහි දී ප්‍රකාශ කර ඇත්තේ, පූජා වට්ටිවල ස්වර්ණාභරණ සහ මුදල් තබා අවසන් ශාන්තිකර්මය සිදු කළ යුතු බවට යි.

එහිදී ශාන්තිකර්මය අතරතුර අලුයම් කාලයේදී අභිකුණ්ඨක ශාස්ත්‍රකරුවන් මුදල් සහ රන් ආභරණ රැගෙන පළාගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

RECENT ARTICLES - SINHALA

පාරිභෝගිකයින් 80% කගේ විදුලි සැපයුම යථා තත්වයට

මේ වන විට ප්‍රදේශ රැසක විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය සඳහන් කළේ දිවයින පුරා විදුලිය විසන්ධි වූ ප්‍රදේශවලින්...

Breaking : නොරොච්චෝලෙත් බිඳ වැටිලා

නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන අක්‍රීය වී තිබෙනවා. ඒ අනුව එහි තුන්වන ජනන යන්ත්‍රය පද්ධතියට එක්කිරීමට පියවර ගත් බව ලංකා විදුලිබල මණ්ඩල‍ය ප්‍රකාශ කළා.

විදුලි සැපයුම ගැන විදුලිබල මණ්ඩල‍යෙන් දැනුම් දීමක්

ජාතික විදුලිබල පද්ධතිය යළි සමතුලිත කර තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩල‍ය ප්‍රකාශ කළේ ඒ අනුව, 20% ක පිරිසකගේ විදුලිය සැපයුම මේ වන විට යථාතත්ත්වය⁣ට පත් කර...

POPULAR ARTICLES

රට පුරා විදුලිය විසන්ධි වෙයි

මේ වන විට ලංකාව පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්න මහතා  පවසනවා. පද්ධතියේ ඇතිවී තිබෙන දෝෂයක්...

සුරාසල් විවෘතව තබන වේලාවේ වෙනසක්

දෙසැම්බර් මස 09 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සුරාසල් විවෘත කරන හා වසනු ලබන වෙලාව සංශෝධනය කර තිබෙනවා. සුරාබදු ආඥා පනතේ 52 වැනි අධිකාරියේ 32-1...

පුත්තලමේ සනත් නිශාන්තගෙන් විශේෂ ප්‍රකාශයක්

තමන්ට පැනවූ පාර්ලිමේන්තු තහනම සම්බන්ධයෙන් අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා. දින 14 කාලයක් සඳහා තමන්ට...