29 C
Colombo
Friday, March 29, 2024

ජනපති ඝාතනයට සම්බන්ධ යැයි සැකකරන හයිටි අගමැතිට රටින් පිටවීම තහනම්

- Advertisement -

හයිටි ජනාධිපති ජොවනල් මොයිස් ඝාතනයට සම්බන්ධ බවට චෝදනා එල්ල වී සිටින එරට අගමැති ඒරියල් හෙන්රි වෙත රටින් පිටවීම තහනම් කර ඇතැයි වාර්තා වේ.

ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙකු වන ජෝශප් ෆීලික්ස් බැඩියෝ සමඟ ඔහුගේ සබඳතා පැහැදිලි කරන ලෙස ඉල්ලමින් අගමැති හෙන්රිට එරෙහිව මේ වන විට නඩුවක් ගොනු කර ඇති බව සඳහන් වෙයි.

ඝාතනයන් සිදුවී පැය කිහිපයකට පසු මෙම පුද්ගලයින් දෙදෙනා අතර දුරකථන ඇමතුම් කිහිපයක් හුවමාරු වී ඇතැයි වාර්තා වල සඳහන් වන බව නඩු පවරන්නන් පවසා තිබේ.

ජුලි 7 දා හයිටියේ හිටපු ජනපති ජොවනල් මොයිස් මහතා නිවසේදී ඝාතනය කෙරිණි.

පෝට්-ඕ-ප්‍රින්ස් අගනුවර තදාසන්න ප්‍රදේශයක පිහිටි ඔහුගේ පෞද්ගලික නිවසට කඩා වැදුණු නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් ඔහු වෙඩි තබා ඝාතනය කරන ලදී.

ඔහුගේ මරණය හේතුවෙන් දේශපාලන අර්බුදයක් ඇති වූ අතර ඊට මාසයකට පෙර ඇති වූ විශාල භූමිකම්පාවකින් ද හයිටියට දැවැන්ත පහරක් එල්ල විය.

RECENT ARTICLES - SINHALA

හොඳම වෙලාව බලලා බලවත්ම සන්ධානය එලියට දානවා-රවී කරුණානායක

සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. මේ වන විට හතු පිපෙනවා...

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තනතුරු කිහිපයක් සඳහා විශේෂ දිරි දීමනාවක්

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරී තනතුරු කිහිපයක් සඳහා විශේෂ මාසික දිරි දීමනාවක් ගෙවීමට රජය විසින් තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, අමාත්‍යාංශය සඳහන් කළේ ඒ,...

වතුපාසල් සඳහා ගුරු සහායක පත්වීම් 2,535ක්

ඉදිරි සති කිහිපය ඇතුළත වතු පාසල් සඳහා ගුරු සහායකින් 2,535ක් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය පළ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...