26 C
Colombo
Thursday, March 28, 2024

ආරක්ෂක අමාත්‍යාංශයට රුසියාවෙන් ලැබෙන ණයෙන් භාගයක්ම ඉතුරුයි – විමල්

- Advertisement -

රුසියාව විසින් ආරක්ෂක අමාත්‍යාංශයට ලබාදී තිබූ ණය ආධාරයේ අඩකට වැඩි කොටසක් තවදුරටත් ඉතිරිව ඇති බවට රුසියානු තානාපතිවරයා කියා සිටියැයි හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසනවා.

ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ඉල්ලීමක් සිදුකරන්නේ නම් පවතින තත්ත්වය සඳහා එම ණය ආධාර ලබා ගැනීමට පිළිබඳව සලකා බැලීමට හැකියාව පවතින බව තානාපතිවරයා ප්‍රකාශ කළ බවත් මන්ත්‍රිවරයා සඳහන් ක‍රන්නවා.

ඒ, ස්වාධීන වූ පක්ෂ 11 නායකයින් ඊයේ (21) රුසියානු තානාපතිවරයා හමුවී සාකච්ඡා කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

“දැනටමත් ක්‍රෙඩිට් ලයින් එකක් තියෙනවා. රුසියාවෙන් ශ්‍රී ලංකාවට ලබාදී තිබෙන ආරක්ෂක උපකරණ මිලදී ගැනීම සඳහා. ඒක අපි සම්පූර්ණයෙන් පාවිච්චි කරලා නැහැ. ඒකේ අඩකට වැඩි ප්‍රමාණයක් ඉතුරුවෙලා තියෙනවා. ඒ ගමන අපි තානාපතිතුමාගෙන් ඇහුවා දැන් වහාම බැරිද අපිට අඩුම තරමේ ඒ ඉතුරුවෙලා තිබෙන මුදල දැන් මේ තිබෙන අවශ්‍යතා වෙනුවෙන් යොදවාගන්න. තානාපතිතුමා ඉතා පැහැදිලිව කියා සිටියා ඒ ඉල්ලීම එන්න ඕනේ ඔබේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ගෙන්.

ඒ ඉල්ලීම ඔබේ පාර්ශවයේ ඉල්ලීම කළොත් ඒ අයගේ පාර්ශවය ඒ කියන්නේ රුසියාවේ පාර්ෂවය ඒ හොඳින් සලකා බලයි. එතකොට දැන් මුලින්ම කරන්න තියෙන්නේ මේ පරණ ආරක්ෂක ගිවිසුමත් සමග ආපු ක්‍රෙඩිට් ලයින් එකේ ඉතුරු මුදල වහාම ඉල්ලුම් කරන්න රුසියානු බලධාරීන්ගෙන් ලිඛිතව. දැන් අපිට ආරක්ෂක මෙවලම් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතුරු මුදල මෙන්න මේ මානූෂිය අවශ්‍යතා වෙනුවෙන් ලබාදෙන්න කියලා. ඒක අපිට ඉක්මනින් කරගන්න පුළුවන් දේ.”


RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...