28.4 C
Colombo
Friday, April 26, 2024

කපුටන් අගය කිරීමේ අන්තර්ජාතික දිනය අදයි

- Advertisement -

සෑම වසරකම අප්‍රේල් 27 වනදාට යෙදෙන කපුටන් අගය කිරීමේ අන්තර් ජාතික දිනය අදට යෙදී තිබෙනවා.

‘කොර්විඩේ’ කුරුළු පවුලට අයත් කුරුළු වර්ගයක් වන කපුටන් කෑදර පක්ෂීයෙකු ලෙස හැදින්වෙනවා.

ඔවුන් කුණු කසළ, මෘත ශරීර පවා ආහාරයට ගන්නා අතර මරණයේ පෙර නිමිත්තක් එනම් විනාශකාරී සත්වයෙක් ලෙසද සලකනවා.

ලොව පුරා සංස්කෘතික කථාවල කළු කපුටන් අශුභ ලකුණක් ලෙස හැදින්වෙන අතර යන්ත්‍ර මන්ත්‍ර හා හදිහූනියම්වලදීද කපුටු පක්ෂියා ගැන කියැවෙනවා.

සෙනසුරු අපලය වැනි අපල උපද්‍රවවලින් මිදීම සඳහා කිරිබත් ගුලි ගසා කපුටන් හට කෑමට ලබාදීමෙන් එම අපල උපද්‍රව දුරුවන බවට ජනතාව අතර විශ්වාසයක් පවතිනවා.

කෙසේවෙතත් කපුටා යනු තීක්ෂණ බුද්ධියක් ඇති පක්ෂියෙකු ලෙස පරීක්ෂණවලදීද ඔප්පුකර තිබෙනවා.

ඇතැම් පුද්ගලයින් පුහුණු කළ කපුටන් විවිධ සොරකම්වලටද යොදාගත් අවස්ථාවන් අපරාධ වාර්තාවලද දැක්වෙනවා.

මීට පෙර මෙරට තුළ ජාත්‍යන්තර කපුටු දිනයට එතරම් වැදගත්කමක් නොලැබුණත් හිටපු මුදල් අමාත්‍යවරයා හට ‘කපුටා’ යන නාමය පටබැදී ඇති නිසාවෙන් කපුටන් අගය කිරීමේ අන්තර්ජාතික දිනය මේ වන විට මෙරට කාගේත් අවධානයට යොමුව තිබෙනවා.

එමෙන්ම බැසිල් රාජපක්ෂ මහතාගේ උපන් දිනයද අද දිනට යෙදී තිබීම විශේෂත්වයක්.


RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...