24 C
Colombo
Thursday, February 13, 2025

මිනී මැරීමට තැත් කළ චෝදනාවෙන් හරක්කටා නිදහස්

- Advertisement -

මිනීමැරීමට තැත් කළේ යැයි චෝදනා ලැබ සිටි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු යැයි ප්‍රකට හරක් කටා නොහොත් නදුන් චින්තක අදාළ චෝදනාවෙන් මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංඟසිංහ මහතා ඊයේ (29) නියෝග කළා.

සැකකරුට එරෙහිව අධි චෝදනාවක් ගොනු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්කි නොමැති බවට තීරණය කරමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළ අතර පැමිණිල්ලේ දෙවැනි සැකකරු ලෙස නම්කර අධිකරණය මගහැර සිටින ටිරාන් ක්‍රිෂාන්ත නොහොත් මංජු යන අයට එරෙහිව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරන ලෙසට නියෝග කර තිබෙනවා.

නදුන් චින්තකය ඇතුළු තිදෙනෙකුට එරෙහිව කොළඹ අපරාධ කොට්ඨාසය පැවරූ පැමිණිල්ලේ ලඝුනොවන නඩු විභාගයේ සාක්ෂි කැඳවීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා එසේ නියෝග කර තිබුණා.

වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට දී 2016 මාර්තු මස 05 වැනි දින කාන්තාවකට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කර මිනිස් ඝාතනයත් කිරීමට සිදුකිරීමට තැත් කිරීමට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන බවයි පැවසෙන්නේ.

පැමිණිල්ලේ සැකකරුවන් ලෙස නදුන් චින්තක. ,ටිරාන් ක්‍රිෂාන්ත නොහොත් මංජු සහ ජෝසප් කුමාර යන අය නම්කර ඇතිි අතර ජෝසප් කුමාරය යන සැකකරු පැමිණිල්ල විභාගය අතරතුර පොලිස් අත්අඩංගුවේ සිටියදී මිය ගොස් තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම් යළි ඇරඹීමට සැලසුම්

මේ වන විට නතර කර ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදිරයේ ඉදිකිරීම් ඉදිරි මාස දෙක තුළ ආරම්භ කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය...

භාෂා පරිවර්තකයින්ගේ සංචිතයක්

මෙරට රාජ්‍ය ආයතන සඳහා භාෂා පරිවර්තකයින්ගේ විශේෂ සංචිතයක් නිර්මාණය කිරීමට ජාතික ඒකාබද්ධතා අමාත්‍යත්‍යාංශය තීරණය කර තිබෙනවා. නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් මහතා සඳහන් කළේ, ප්‍රදේශවලට අනුකූලව...

විදුලි කප්පාදුව ගැන අවසන් තීරණය අද

විදුලිය කප්පාදුව තවදුරටත් සිදුකරන්නේ ද ? නැද්ද ? යන්න සම්බන්ධයෙන් අද (13) දිනයේ තීරණය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එහි සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය...

POPULAR ARTICLES