Breaking: හරීන් ස්වාධීන වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සමගි ජනබලවේගය පක්ෂයෙන් ඉවත්වී තිබෙනවා. හරීන් ප්‍රනාන්දු මහතා පවසන්නේ මින් ඉදිරියට තමන් පාර්ලිමේන්තුව තුළ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බවයි. “මේ රටට ඉක්මනින් රජයක් අවශ්‍යයි. අපිට මේක ප්‍රමාද කරන්න බැහැ. සමගි ජනබලවේගයත් දිගින් දිගටම මෙය ප්‍රමාද කරන්නේ නම් මම ස්වාධීනව සිට රජයක් පිහිටුවීමේ ක්‍රියාවලියකට සහය දක්වනවා.”